රනිල්ගේ සුප්‍රකට සුරතලා සුසිල්ට උඩින් සිට අධ්‍යාපනයට මර්දනය මුදාහරිනවා.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත උනාට ඔහුට උඩින් සිට ක්‍රියාත්මක වන්නේ රනිල්ගේ සුප්‍රකට සුරතලෙකු වන අකිල විරාජ් කාරියවසම් බව අද පැවැති උද්ඝෝෂණයක් අතරතුර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. සුසිල් ප්‍රේම ජයන්ත ශිෂ්‍යයන් සමග සාකච්ඡා කරමින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට පොරොන්දු ලබාදුන්නත් ඒවා ක්‍රියාත්මක නොකර සුසිල්ට උඩින් ඉන්න අකිලගේ මර්දනය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මුදා හැර ඇති බව වසන්ත පවසනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉලක්ක කරගනිමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැවැන්ත මර්දනයක් මුදාහැර තිබෙන අතර ඊට විරෝධය දක්වන්න අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ විරෝධතාවය සංවිධානය කරනවා. විශේෂයෙන්ම කැලණිය කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදලිගේ සහ සිව්වන වසර කණ්ඩායම් නායක දිල්ෂාන් හර්ෂණ දින අනූවකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන් ඉන්නවා.
මේ ශිෂ්‍ය නායකයන් මුදා හරින්න ට සහ විශ්වවිද්‍යාල තුළට මුදා හැර තිබෙන රාජ්‍ය මර්දනය හකුළා ගන්නට බල කෙරෙන උද්ඝෝෂණයට අදත් රනිල් රාජපක්ෂ මැර පොලිස් හමුදාව පහර දුන්නා.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...