ප්‍රේමය සදිසි රස අඳුනක් ඇතිද වෙන

මායම් පපා හිනැහෙන රන් තරු රෑන
සායම් ගිහින් ඇති හිත් වල දුක ගාන
මායිම් නොකර සිටි මුත් ඉඟි බිඟි පාන
සමහර තරුත් නැති බවදැනගන්න ට ඕන

අහිමිව ගියා සේ ගෙල බැඳි රන් තැල්ල
සියොලඟ ගිනි වැදී ඇත
සිත නම් නැත මෙල්ල
බඹරය වුනත් කැරකෙයි හොඳනම් වැල්ල
කලු කුහරයට වැදුනිද පෙම් අරුණැල්ල..

හංකිති කවන රස හැඟුමන් විටින් විට
දොඹ ගෙඩි තරම් වැසි බිඳු මෙනි ඉඩෝරෙට
පැහැදිලි අහස ලාවුලු පැහැ උරන කොට
කිසිවක් වෙනස් වී නැති බව බව දැනේ මට..

යන්නට පළමු සමුගෙන දුර දෑස් පියා
සමවත් සිතින් සුන්දර වියමනක් වියා
කඳුලින් සැදූ පබුලක් එලි වැටට තියා
කවියක තමයි තැබුවේ ජීවිතය ලියා..

පෙමකට පෙමක් මිස පිදු අන් යමක් ගැන
පැවසිය හැකිද දිවියට අරමුණක් දෙන
බැඳි හිත් දෙපස හිඳ ආතුර හැඟුම් දෙන
ප්‍රේමය සදිසි රස අඳුනක් ඇතිද වෙන??

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...