ප්‍රේමය සදිසි රස අඳුනක් ඇතිද වෙන

මායම් පපා හිනැහෙන රන් තරු රෑන
සායම් ගිහින් ඇති හිත් වල දුක ගාන
මායිම් නොකර සිටි මුත් ඉඟි බිඟි පාන
සමහර තරුත් නැති බවදැනගන්න ට ඕන

අහිමිව ගියා සේ ගෙල බැඳි රන් තැල්ල
සියොලඟ ගිනි වැදී ඇත
සිත නම් නැත මෙල්ල
බඹරය වුනත් කැරකෙයි හොඳනම් වැල්ල
කලු කුහරයට වැදුනිද පෙම් අරුණැල්ල..

හංකිති කවන රස හැඟුමන් විටින් විට
දොඹ ගෙඩි තරම් වැසි බිඳු මෙනි ඉඩෝරෙට
පැහැදිලි අහස ලාවුලු පැහැ උරන කොට
කිසිවක් වෙනස් වී නැති බව බව දැනේ මට..

යන්නට පළමු සමුගෙන දුර දෑස් පියා
සමවත් සිතින් සුන්දර වියමනක් වියා
කඳුලින් සැදූ පබුලක් එලි වැටට තියා
කවියක තමයි තැබුවේ ජීවිතය ලියා..

පෙමකට පෙමක් මිස පිදු අන් යමක් ගැන
පැවසිය හැකිද දිවියට අරමුණක් දෙන
බැඳි හිත් දෙපස හිඳ ආතුර හැඟුම් දෙන
ප්‍රේමය සදිසි රස අඳුනක් ඇතිද වෙන??

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...