ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම තවදුරටත් සීමා කරන්නේ නම්, ඛනිජතෙල් පනත සහ බලශක්ති අමාත්‍යාංශයට පවතින බලතල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් ලබාගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සදහන් කර තිබේ

අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේදී සදහන් කර ඇත.

ඒ වගේම ඔහු සදහන් කළේ කිසිම ගිවිසුමක කිසියම් ප්‍රදේශයක තෙල් බෙදා නොහැරියොත් කළයුතු දේ සදහන් නොවන බවයි .

මේ පිළිබද කළ හැක්කේ ඉන්ධන සැපයුම් සමාගම් වලට කැමති විදිහට මිල සකසා ගන්න දුන් බවත් මේ වෙද්දී නීති උපදෙස් ලබා ගන්නා බවත් සදහන් කර තිබේ

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෞද්ගලික සැපයුම්කරුවන් විසින් ගනු ලබන තීරණ හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ

එවැනි තත්ත්වයක් තවදුරටත් පැවතුණහොත්, පවතින නීතිමය ප්‍රතිපාදන සහ අමාත්‍යාංශයට පැවරී ඇති බලතල යටතේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා තව දුරටත් සදහන් කර ඇත.

ආණ්ඩුව කළ යුත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන සමාගම්වලට අවස්ථාව සැලසෙන ජනතාව ඇපයට තබා ගනිමින් මිල වැඩිකිරීමට ඉල්ලන අවස්ථාවේ කිසිවක් කළ නොහැකි ගිවිසුම් වෙනස් කිරීමයි. ඉන්ධන මිල ඉහළ දැමීමට පැවති තදියම ඉන්ධන බෙදාහැරීම අඩාල කරන සමාගම්වලට එරෙහිව ක්‍රියාත්මක වීමේදී එතරම් නැති බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...