අනේ, ආණ්ඩුව පව් ඕයි

ඉහත පොස්ටුව දාලා තියෙන්නේ රට ගොඩගන්න සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා කරන්න අටවගත්ත එකක් කියන කණ්ඩායමක් පවත්වාගෙන යන facebook පිටුවක. ඇත්තටම ඒ කල්ලිය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා කියලා කරන්නේ ආණ්ඩුවේ රෙදි හෝදන එක. ඒකෙ අලුතම ව්‍යාපෘතිය තමයි නිකම් දේවල් දෙන්න ආණ්ඩුව නත්තල් සීයා නෙමෙයි යනුවෙන් සඳහන් පෝස්ටු කිහිපයක් බෙදාගැනීම.

දැන් එතකොට මේ කියන්න හදන්නේ මේ වෙලාවේ ජනතාව ආණ්ඩුවෙන් විවිධ සහන බලාපොරත්තු වෙන එක වැරදියි. ආණ්ඩුව ඉන්නෙ නිකම් කන්න බොන්න දෙන්න නෙමෙයි කියලා. එතකොට ආණ්ඩුව හරි අමාරුවෙන් සල්ලි හම්බකරද්දී ජනතාව කියන නිකම්මු ටික පිනට කන්න බලාගෙන ඉන්නවා වගේ එකක්. ඇත්තටම එහෙමද?

අපි ඒකට උත්තර දෙන්න කලින් තව ප්‍රශ්නයක් ඇහුවොත්. ආණ්ඩුවට ආදායම් එන්නෙ රනිල් වික්‍රමසිංහ ගෙදරින් අරන් එන සල්ලිවලින්ද? නෑ. ආණ්ඩුවට වැඩිපුරම ආදායම ලැබෙන්නෙ බදු හරහා. මෙම බදු වලිනුත් භාණ්ඩ හා සේවා මත පනවා තියෙන වක්‍ර බදු ප්‍රමාණය සමස්ත බදු අදායමෙන් සියයට 80 ඉක්මවනවා. ඒ කියන්නේ ජනතාව විදිහට අපි ගන්න හැම භාණ්ඩයක් සහ සේවාවක් සඳහම බදු ගහලා තියෙන්නේ. පසුගිය අයවැයෙන් අලුත් බදු හඳුන්වා දෙමින් තිබෙන බදු වැඩිකරමින් ජනතාව මත තව තවත් බදු පැටෙව්වා. එහෙම තියෙද්දී තමයි ආණ්ඩුවට කඩේ යන ඇම්බැට්ටයෝ ආණ්ඩුවෙන් නිකම් දේවල් ඉල්ලන්න එපා කියන්නේ.

ජනතාව ඇත්තටම ඉල්ලන්නේ තමන් ගෙවන බදු සල්ලිවලින් සහන දෙන්න, පොදු සේවාවන් පවත්වාගෙන යන්න කියලා. බදු ගෙවන ජනතාවට ඇරෙන්න ඒ අයිතිය තියෙන්නෙ වෙන කාටද?

ඇත්තටම නිකම් ඉඳන් පින් බත් ගිලින්න එපා කියලා කියන්න ඕනා මේ රටේ ආණ්ඩුව කරන පාලකයන්ටයි.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...