ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජනය ප්‍රශ්නකාරී

Date:

රටේ බහුවිධ ස්වරූපය පිළිබිඹු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පිහිටුවිය යුතුයැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා .

විධායක ජනාධිපති ක‍්‍රමයේ බලය අධික ලෙස සංකේන්ද්‍රණය කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙනආ 21 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වඩාත්ම සාධනීය ලක්‍ෂණය වූයේ ව්‍යවස්ථා සභාව යළි පිහිටුවීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු දේශපාලනික වශයෙන් කිසිදු පාර්ශ්වයක් නොගන්නා, සිවිල් සමාජයේ සාමාජිකයන් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සාමාජිකයන්ගෙන් සමන්විත, දේශපාලනික වශයෙන් එකඟතාවක් සහිත ආයතනයක් විය යුතුය. මෙහි පවතින සාධනීය අපේක්ෂාව වන්නේ, රටේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍යය සහ එහි නියෝජිතායතන ශක්තිමත් කිරීමට ව්‍යවස්ථා සභාව දායක වීම ය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා පත්කිරීමට නියමිත ක්‍රියා පටිපාටිය කණස්සල්ලට කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස අයැදුම් කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ගෙන් පෞද්ගලිකව අයැදුම්පත් කැඳවීම රජය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ක්‍රියා පටිපාටියයි. මෙම පත්වීම් සඳහා වන මාර්ගෝපදේශවල දක්වා ඇති ආකාරයට, පොදු හෝ වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන සහ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන කීර්තිමත් සහ අවංක පුද්ගලයන් මෙවැනි තනතුරක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් අයැදුම්පත් යොමුකිරීමට ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කළ නොහැක. ජාතික සාම මණ්ඩලය විශ්වාස කරන්නේ මෙම ක්‍රියා පටිපාටිය නාමයෝජනා ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීම සඳහා සළකා බැලිය යුතු සිවිල් සමාජ සාමාජිකයන් නම් කිරීමට සිවිල් සංවිධානවලට අවස්ථාව ලබාදිය යුතුය.

ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජ සන්දර්භය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයන් තෝරා ගැනීම සමස්ත සමාජය නියෝජනයවීමේ මූලධර්මය මත පදනම් විය යුතු බව අපි විශ්වාස කරමු. රාජ්‍යයේ බලධාරීන්ගේ තීරණ ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වයට සහ බහුත්වවාදයට සංවේදී විය යුතු අතර, එහි කේන්ද්‍රස්ථානය ජනවාර්ගිකත්වය සහ ආගම වන නමුත් කුලය, ස්ත්‍රී පුරුෂභාවය, ශාරීරික ආබාධිතභාවය, රැකියාව සහ අනෙකුත් කරුණුද ඊට ඇතුළත් වේ. අද ඉතාම හදිසි අවශ්‍යතාව වන්නේ දේශපාලන නායකත්වයේ මෙන්ම ජනතාව අතරද පැවතිය යුතු එකමුතුකම වන අතර, එමඟින් සමස්ත රටම දැනට සිරවී ඇති ආර්ථික හා සංවර්ධන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එකම බලවේගයක් ලෙස ක්‍රියා කළ හැකිය. එබැවින් රාජ්‍යය සහ ජාතිය ගොඩනැගීමේ කාර්යය නොපමාව සිදු වන පරිදි ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් තෝරා ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

පාලක සභාව

ජාතික සාම මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන සංවිධානයකි. සියලු ජන කොටස්වල නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරන, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්මක් ජාතික සාම මණ්ඩලයට ඇත. ජාතික සාම මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ විවිධ ජීවන තරාතිරම්වලට අයත් සහ රටේ සියලුම ප්‍රධාන වාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුත් එහි පාලක සභාව මගිනි.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය
12/14 පුරාණ විහාර පාර
කොළඹ 6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...