ලබන වසරේ මුල සිට විදුලිය කප්පාදුව වැඩිවෙන ලකුණු

නියමිත පරිදි ගල් අඟුරු ආනයනය කරගත නොහැකි වුවහොත් එළැඹෙන වසරේ මුල සිට පැය 8ත් 10ත් අතර දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටින්නේ මෙරටට මේ දක්වා ගල් අඟුරු නැව් 5ක් පමණක් පැමිණි ඇති බවයි.

මේ අනුව ඇතිව තිබෙන ගල් අඟුරු හිඟතාව මත නොරෝච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට නිදේශ කර තිබෙනවා.

පවතින තත්ත්වය මත කළමනාකරණය ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත යුතු බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඔහු කියා සිටින්නේ ලබන වසරේ අප්‍රේල් මස 15 වන දින දක්වා ඇති කාලය තුළ මෙරටට ගෙන්වා ගත හැකි නැව් ගණන ඉතා සීමිත වී ඇති බවයි.

මේ හේතුවෙන් එළඹෙන වසරේ විදුලි උත්පාදන සඳහා ප්‍රමාණවත් නැති බවත් ඒ අනුව නැවතත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති ජනක රත්නායක වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න ඊයේ (20) පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ද නිහාල් වීරරත්න පවසයි.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඔහු කීය.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...