පාසල් ළමයින්ගේ බෑග් පරික්ෂා කරන්න ගුරුවරු දැම්මම උගන්වන්නේ පොලිසියෙන්ද?

ළමයින් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී අමාත්‍යවරය සඳහන් කර ඇත්තේ පාසලට ඇතුළු වන අය සහ සිසුන්ගෙන් පොත් බෑග් පරික්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයන් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මඟින් එම කාර්ය සිදුකළ යුතු බවයි.

ඊට අමතරව අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධන සහ වෙළඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම යන උද්ධෘතයෙන් නිකුත් කළ චක්‍රලේඛය කෙරෙහි යළි විශේෂ අවධානය යොමු කළ යුතු බවට විදුහල්පතිවරුන් වෙත නැවත වරක් දන්වා යැවීමට ද මෙහිදී තීරණය තිබෙනවා.

පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මත්ද්‍රවය තිබේද යන්න පරික්ෂා කිරීමේ කාර්ය සඳහා ගුරුවරු පුහුණු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

ඒ අනුව මෙම මස 21, 22, 23 යන තෙදින කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඒ සඳහා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

මත්ද්‍රවය ඇල්ලීමට ගුරුවරුන් පුහුණු කරන්නේ මෙරට ආරක්ෂක වියදම් ලෙස වැඩිම මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති තත්ත්වයක්දියි. එසේම ජාවාරම්කරුවන් සහ මත්ද්‍රවය රට තුළට පැමිණෙන තැන් මගහැර පාසල් පරික්ෂා කිරීම ගැන බොහෝදෙනෙකුගේ විවේචන එල්ලමින් පවතියි.

අනිත් අතින් විවිධ වසංගත තත්ත්වය, ආර්ථික අර්බුද වැනි විවිධ හේතු නිසා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති තත්ත්වයකදී ගුරුවරුන් මෙවැනි වැඩකටයුතු සඳහා යෙදවීමෙන් තවදුරටත් පාසල් කටයුතුවලට බාධා පැමිණීම වැළක්විය නොහැක.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...