දැන් ඉන්න මහ බැංකු අධිපති යන්නතේ මම ගිය පාරෙමයි – අජිත් නිවාඩ් කබ්රාල්

වර්තමාන මහබැංකු අධිපති ආචාරය නනදලාල් වීරසිංහ ආර්ථිකය හැසිරවීමට අනුගමනය කරමින් සිටින්නේ මීට කාලෙකට ඉහත තමන් කළ දේ ම බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මුදල් මණ්ඩලය සහ මහබැංකු අධිපතිවරයා අතින් සිදුවෙන්නේ තමන් කළ ආකාරයෙන් ම ඩොලරයේ අගය ඉහළ යා නොදී පාලනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහබැංකු අධිපතිවරයා,

“අද මට මේ අය චෝදනා කරනවා ඩොලරයේ අගය ඉහළ යා නොදී බලහත්කාරයෙන් පාලනය කළා කියලා. ඒ විදිහට රුපියලේ අගය රැකගත් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා කියළා මට චෝදනා කරනවා. නමුත් අද මහ බැංකු අධිපති හා මුදල් මණ්ඩලය කරන්නෙත් එදා මම කළ දේ ම යි. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නෑ. හැබැයි එදා මම එහෙම කළ එක වැරදියි කියන අය අද මේ අය කරන දේ ගැන මොකුත් කියන්නේ නෑ.

මට එල්ල කරලා තියෙන සියලු ම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මම නීති විරෝධී දෙයක් කරලා නෑ. රටේ ආර්ථිකය කඩා වැට්ටුවෙත් නෑ. එදා තිබුණු ආර්ථිකය පාලනය කරලා මම ජනතාවට සහන ලබා දුන්නා. අද මොකද වෙන්නේ. රටේ ජනතාවට බර පටවන්නේ නැතිව විකල්ප ක්‍රමවලට රාජ්‍ය පාලකයෝ යායුතුයි කියන එක තමයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රම තියෙනවා ඒවා සොයා බැලිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විතරක් ම විශ්වාසය තියලා කටයුතු කිරීම පමණක් ම මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් නෙවෙයි” යනුවෙන් හිටපු මහා බැංකු අධිපතිවරයා පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...