සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9%යි – ලෝක ආහාර වැඩසටහන

පසුගිය අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය 93.7%ක් ලෙස සටහන් වූ අතර සැප්තැම්බර් මාසයේ එම අගය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ‘උත්සන්න වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට ඇති හැකියාව තර්ජනයට ලක්ව ඇතැයි,’ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

ලෝක ආහාර වැඩසටහන මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ, සැප්තැම්බර් මස ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව නිකුත් කරමිනි.

මෙම වාර්තාව මගින් දක්වා ඇති වඩාත් බරපතළ තත්ත්වය වන්නේ, බාහිර සහයක් නොලැබුණහොත් 2022 වසරේ ඔක්තෝබර් සිට 2023 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය තවත් දරුණු වනු ඇති බවට පුරෝකථනය කර තිබීමය.

කොළඹ නාගරික කලාපයේ ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ යමින් තිබෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගය ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...