යුක්තිය උදෙසා ජනමත විචාරණයෙන් මෙලෝනි ඇතුළු ආණ්ඩුවේ උවමනාව පරාජයට පත්වෙයි. 

ඉතාලි අධිකරණ ව්‍යුහය සම්බන්ධ ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණයක් සිදුකර ගැනීම සඳහායි මාර්තු 22- 23 යන දෙදින තුළ පැවතී ජනමත විචාරණයෙන් ඉතාලි අගමැතිණි ජෝර්ජියා මෙලෝනිගේ ආණ්ඩුවේ වුවමනාව පරාජයට පත් වී තිබේ . ඉතාලියේ ව්‍යවස්ථාවට අනුව පවතින නීතියට යම් සංශෝධනයක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවන් අවස්ථාවක දී එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ලක් කළ යුතුය . ඉහත ව්‍යවස්ථාමය සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණත් ජනමත විචාරණයකට ලක් කිරීමට ආණ්ඩුවට සිදු විය . ඒ අනුව පැවති ජනමත විචාරණයෙන්  අධිකරණ ව්‍යුහය වෙනස් කිරීමේ සංශෝධනයක් එපා (NO) කියා ‍ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 53,9% ක් හිමි වී තිබේ .සංශෝධනයට පක්ෂව ( SI ) ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ 46,1% කි .

මෙම ජනමත විචාරණයේ දී ඡන්ද අයිතිය හිමි ඡන්දදායකයන්ගෙන් 58.91% ක් ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. 

ඉතාලියේ පවත්වනු ලබන යම් ජනමත විචාරණයක ප්‍රකාශිත අරමුණ පරාජයට පත්වුණා ද එහෙමත් නැත්නම් ජයග්‍රහණය කළාද  කියා සලකා බලන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් තිබෙන ප්‍රමාණයෙන් 50 % ඉක්මවා ගිය ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා පැමිණියහොත් පමණයි . ඒ අනුව 2022 – 2025 වසර දෙකේ පැවති ජනමත විචාරණ ඡන්දදායකයන් ඡන්ද පොළට නොපැමිණීම හේතුවෙන් නොසලකා හැරී ජනමත විචාරණ ලෙස ඉතිහාසයට එක්වුණා. 

මෙලෝනිගේ යුක්තිය පිළිබඳ ජනමත විචාරණය ඔවුන්ගේ යුක්තිය උදෙසාය .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...