කෝටිපතියන් රැවටූ කාන්තාවක් රිමාන්ඩ්

විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇයව ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම කාන්තාව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල රුපියල් 16 ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන එහි ආයතනයක් පවත්වාගෙන යමින් කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලකයන්, වෛද්‍යවරුන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන මෙම වංචාව සිදුකර තිබෙනවා.

සැකකාර කාන්තාවගේ වංචාවට හසුවූ කෝටිපතියන් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙරට ප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය ලබමින් ඇය සිය ගමන්බිමන්වල යෙදී ඇති බවද අධිකරණයේදී අනාවරණය වුණා.

කොළඹ හා ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ ලබා දෙන පවසමින්ද ඇය විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන එසේ වංචා කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...