ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන සොයා බලන්න .
වැඩියෙන් ම කැමැත්ත තිබුණෙ කතන්දර නිර්මාණය කරන්න සහ කතන්දර අහන්න .ඒවා අහලා ඒකට අනුව රංගන කටයුතුවල ත් නිරතවෙනවා..මං වැඩියෙන්ම කැමැති සහ ඉගෙන ගත්තේ නර්තනය සහ නාට්‍ය වගේ විෂයයන් .

වෙිදිකාව කියන එක මට සාමාන්‍ය දෙයක් වුණා.

සියලු ම තරග වලට ඉදිරිපත් වෙන්න හරි කැමතියි.පාසලේ කතා පවත්වන්න අවස්ථා තිබෙනවා .නොයෙකුත් සංගම් තුළින් .ඒ වෙලාවන් වලදි පවතින අතුරු කතා වලදිත් කතා පවත්වනවා…

දැන් නම් ඒවා මතක් වෙනකොටත් හිනා යනවා.

හැම තරගයකටම ඉදිරිපත් වෙනවා.ඒ වගේම දිනනවා…තෑගි භෝග සහතික පත් වලින් අඩුවක් තිබුණෙම නෑ.
මම බොහොම නිදහසේ ඉගෙනගත් ළමයෙක් ..හරි ආඩම්බරයක් දැනෙනවා …
එදත් මං කැමැති යි මගේ නම දකින්නට .පොත් පිංච හදලා හරි අගේට නම ලියනවා….
සඟරා සම්පාදනය කිරීමෙහිලා පෙරමුණ ගන්නෙ හරිම ආසාවෙන් .

නර්තන විෂය ගාන්ධර්ව අවසාන සමත්වුණත් නර්තනය ගායනය වාදනය යන ත්‍රිත්වයට ම හැකියාවන් තිබුණත් අවසානයේ නැවතුනේ පෑනක් සහ කොළයක් එක්ක .එවගේම කැමරාව කියන්නෙ මට සමීපම මිතුරෙක් .

ප්‍රසිද්ධ නොකල පොත් ගැන කියනවනම් බුලත් ,දැරණියගල විදුලි බලාගාර ,මනෝ විද්‍යාවෙන් බිඳක්,ආදි පොත් මා ලියනු ලැබුවේ අසීමිත කැමැත්තකින් .

ජය පරාජය ජීවිතයට සාමාන්‍ය දෙයක් විය යුතුයි.තරග කරලා අසාධාරණ ලෙස පරාද වුවොත් මට ඒක මහත් ශක්තියක් නැගී සිටින්න.

වරදින්න ම ඕන හරියන්න .ඒක මං දකින දෙයක් .
ලේඛන කලාව ට මා ප්‍රවිෂ්ට වන්නේ 2000 වසරේ..ඒ තමයි පුවත්පත් .ලංකාදීප ,ලක්බිම ,ඩේලිමිරර් පුවත්පත් වල වැඩ කලේ හරිම කැමැත්ත ඇතිව .ජනමාධ්‍ය ක්ෂේත්‍රය කියන්නෙ හරිම වටිනාකමක් එක් කල තැනක් මගෙ ජිවිතය තුළ .
අදටත් මං ඩේලිමිරර් පුවත්පත සමග වැඩ කරනවා.

පොතක් ලියන්න මගක් හැදුනේ කොවිඩ් වසංගතය ..ඒ කාලය තුළ ලැබුණු අසීමිත නිදහස පොතක් ලියන්න ට අවස්ථාව ලැබුණා…ඒ තමයි මගෙ පළමු නවකථාව බිහිවුණු සංදිස්ථානය.අමාලි නොදුටු සාපය නවකතාව …ජිවිතයට වටිනා අත්දැකීම් රාශියක් මට ලබා ගන්න හැකියාව ක් ලැබුණා..ලේඛන කලාව ට දැනට වසර 26 ක් වෙනවා…ඒ ගැන හරිම අහිංසක සතුටක් මට තිබෙන්නේ …
දෙන පොත තමයි දෛවයේ උරුමය ,තෙවන පොත දෝරේ ගිය කිරි කඳුළ නවකතාව ..එම නවකතාව ඉතා වේගයෙන් පාඨකයින් අතට පත්වුණා…ඒ තුළින් ලැබුණු ඇගයීම සහ වටිනාකම නිසා මට මී ළඟ පොත ලියන්න ශක්තිය ක් ලැබුණා..මං ස්තුතියි කියන්නෙ මගෙ පාඨකයින්ට .

හොඳ විචාර තමයි මා ශක්තිමත් කලේ…
ඉතින් කියන්න ම ඕන මගේ එදිනෙදා ජීවිතයෙ කටයුතු ලේඛන කලාව නිසා අපහසුතාවයකට පත් වෙලා නෑ..
මගෙන් හැමෝම අහන ප්‍රශ්නය තමයි .ලියන්න කාලය ක් තිබේද ? රාජකාරි වැඩත් එක්ක කියලා ..
මං කියන්නේ ඒකට මට අමුතු වෙලාවක් අවශ්‍ය නෑ…සෑම දිනකම මොනවා හරි යමක් ලියන එක මගේ පුරුද්දක් …
ඉතින් දෝරේ ගිය කිරි කඳුළ ..මිහිමත පය ගසා දිවි ගෙවන අය කියවිය යුතු ම කතාවක් …පවුල සහ සමාජය සහෝදරත්වය යන්න කෙබඳුද යන්න කියාපාන්නට මං හඳුන්වා දුන්නෙ දෝරේ ගිය කිරි කඳුළ නවකතාව …
මට හීනයක් තිබුණා සප්ත කන්‍යා කඳුවැටිය ගැන සඳහනක් කරන්න පොත පතක…ඒකට හොඳ ම අවස්ථාව ලැබුණේ මෙම නවකතාව තුළින් .

මීළඟ මගේ නවකතාව “තවත් එක් ඔෂින් කෙනෙක් “සමගින් නැවත හමුවීම තමයි මගේ බලාපොරොත්තුව .මා වෙනුවෙන් අදහස් දැක්වූ මා වෙනුවෙන් සහාය දැක්වූ සියලු ම හිතවතුන් ට සහ පාඨකයින්ට ස්තුතියි කියන්න ත් මේ අවස්ථාව යොදා ගන්න වා….මේ සමාජය ලබාදෙන අත්දැකීම් නිසා ම පොතක් නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා කියන එක ඉතාම පැහැදිලි කියන්න පුළුවන් …

රංජනී සෝමචන්ද්‍ර
දැරණියගල

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...