මර්දනයට එරෙහිව සහ ශ්‍රී ලාංකික ජනතාවට යුක්තිය ඉල්ලා  මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක්

සැප්තැම්බර් මාසයේ එකොළොස් වන දා සවස් භාගයේ   ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් පැවතුනා. ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය , ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල  ශ්‍රී ලාංකිකයන් මේ සඳහා සහභාගී වී සිටි අතර  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අරගලය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිට පැමිණි  නීතීඥ නුවන් බෝපගේ මෙන්ම   නින්දිත පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා  මානව හිමිකම් කොමිසමට ඒ පිළිබඳව අදහස් දක්වන්නට එහි පැමිණ සිටි ෂෙහාන් මාලකද ඊට සහභාගි වීම විශේෂත්වයක්.

ඉරිදා උද්ඝෝෂණයට අමතරව සදුදා දිනයේ දී  මානව හිමිකම් සැසිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නීතීඥ නුවන් බෝපගේ සහ ෂෙහාන් මාලක  සහභාගිවීමට නියමිතයි. එමෙන්ම ඔවුන් මේ සැසිය අමතනු ඇත. රනිල් රාජපක්ෂ අසුද්දා ආණ්ඩුවේ මර්දනය පිළිබඳව ලෝකයට පණිවිඩයක් ගෙන යෑමට මේ නියෝජිතයන්ට අවස්ථාව ලැබීම අරගල කරන ජනතාව  ලද ජයග්‍රහණයකි.

නීතීඥ නුවන් බෝපගේ 

ෂෙහාන් මාලක

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...