මර්දනයට එරෙහිව සහ ශ්‍රී ලාංකික ජනතාවට යුක්තිය ඉල්ලා  මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක්

සැප්තැම්බර් මාසයේ එකොළොස් වන දා සවස් භාගයේ   ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් පැවතුනා. ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය , ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල  ශ්‍රී ලාංකිකයන් මේ සඳහා සහභාගී වී සිටි අතර  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අරගලය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිට පැමිණි  නීතීඥ නුවන් බෝපගේ මෙන්ම   නින්දිත පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා  මානව හිමිකම් කොමිසමට ඒ පිළිබඳව අදහස් දක්වන්නට එහි පැමිණ සිටි ෂෙහාන් මාලකද ඊට සහභාගි වීම විශේෂත්වයක්.

ඉරිදා උද්ඝෝෂණයට අමතරව සදුදා දිනයේ දී  මානව හිමිකම් සැසිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නීතීඥ නුවන් බෝපගේ සහ ෂෙහාන් මාලක  සහභාගිවීමට නියමිතයි. එමෙන්ම ඔවුන් මේ සැසිය අමතනු ඇත. රනිල් රාජපක්ෂ අසුද්දා ආණ්ඩුවේ මර්දනය පිළිබඳව ලෝකයට පණිවිඩයක් ගෙන යෑමට මේ නියෝජිතයන්ට අවස්ථාව ලැබීම අරගල කරන ජනතාව  ලද ජයග්‍රහණයකි.

නීතීඥ නුවන් බෝපගේ 

ෂෙහාන් මාලක

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...