අරගලයට සහය දැක්වූවන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීමේ අලුත් විගඩම

අරගලයට සහය දැක්වූ පුද්ගලයන් ප්‍රශ්න කිරීම් සඳහා ගෙන්වීමේ අමුතු විගඩමක් ත්‍රස්ත විමර්ශන ඒකකය ආරම්භ කර තිබේ.

අද දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ සුජීව හේමන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඔහුට පවසා ඇත්තේ සිම්පතක් පිළිබඳ ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බවයි.

මීට අමතරව ඊයේ දිනයේ සහ ඊට පෙර දිනයේ ගාලුමුවදොර අරගලයට ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ ශබ්ද විකාශන යන්ත්‍ර සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු වන සුමිත් ශාන්ත යන අය ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබුණි. ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ලබාදුන් දුරකථන ඇමතුම් පිළිබඳවයි.

මේ අවස්ථා දෙක පිළිබඳ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මෙවැනි කැඳවීම් තොරතුරු විමර්ශනයට වඩා බියගැන්වීමේ අරමුණින් සිදුකරන ඒවා බවයි. එසේම මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ආයතනයක් වන පොලීසිය බොරු ප්‍රශ්න කිරීම් සඳහා ජනතා බදු මුදල් නාස්ති කරමින් තිබෙන බවද ඔහු පැවසීය. එසේම මෙවැනි ප්‍රශ්න කිරීම් හරහා අරගලය නැවැත්විය නොහැකි බවත් අරගලය නැවත්වීම ආණ්ඩුවට අවශ්‍ය නම් ජනතාවගේ ඉල්ලීම්වලට කන්දෙන ලෙසද මෙහිදී පුබුදු ජයගොඩ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...