වසන්තලාට එරෙහිව මර්දන පනත් යොදාගැනීමේ උත්සාහය පරාජය කරමු!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, රැඳවුම් නියෝග මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක සිර කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ නුවන බෝපගේ පැවසුවේ පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට ත්‍රස්ත විමර්ශන ඒකකය වසන්ත මුදලිගේගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. වසන්ත වෙනුවෙන් ගොනුකිරීමට නියමිත චෝදනා ලෙස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකිරීම, කැරළි කෝලහාල සිදුකිරීම, ඒ සඳහා අනුබල දීම, රාජ්‍ය ගොඩනැගිලිවලට ඇතුළුවී ඒවා විනාශ කරමින් පොදු දේපලවලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සහ ඒවාට අනුබල දීම යොදාගැනීමට නියමිත බවද නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කළහොත් පුද්ගලයෙකු දින 90ක් අත් අඩංගුවේ තබාගැනීමේ හැකියාව පොලිසියට ලැබේ.

මෙම මර්දන පනත ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ජනතාව මර්දනය සඳහා යොදාගෙන තිබේ. විශේෂයෙන් පසුගිය යුද සමයේ දෙමළ තරුණයන් මර්දනයට සහ පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් තරුණයන් මර්දනයට මෙම පනත බහුලව යොදාගැනුනි.

මෙම මර්දන පනත හකුලා ගන්නා ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ප්‍රගතිශීලි සංවිධාන රැසක් අරගලයක නිරතවිය. නමුත් එය එතෙක් අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. වසන්තලාට එරෙහිව මෙවැනි මර්දනකාරී පනත් යොදාගැනීමේ උත්සාහය මෙන්ම මෙවැනි මර්දනකාරී පනත් සම්පුර්නයෙන් අතුගා දැමීමේ වගකීම මුළු මහත් ජනතාවට මත පැටවී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...