වසන්තලාට එරෙහිව මර්දන පනත් යොදාගැනීමේ උත්සාහය පරාජය කරමු!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, රැඳවුම් නියෝග මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක සිර කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ නුවන බෝපගේ පැවසුවේ පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට ත්‍රස්ත විමර්ශන ඒකකය වසන්ත මුදලිගේගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. වසන්ත වෙනුවෙන් ගොනුකිරීමට නියමිත චෝදනා ලෙස රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකිරීම, කැරළි කෝලහාල සිදුකිරීම, ඒ සඳහා අනුබල දීම, රාජ්‍ය ගොඩනැගිලිවලට ඇතුළුවී ඒවා විනාශ කරමින් පොදු දේපලවලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සහ ඒවාට අනුබල දීම යොදාගැනීමට නියමිත බවද නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කළහොත් පුද්ගලයෙකු දින 90ක් අත් අඩංගුවේ තබාගැනීමේ හැකියාව පොලිසියට ලැබේ.

මෙම මර්දන පනත ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ජනතාව මර්දනය සඳහා යොදාගෙන තිබේ. විශේෂයෙන් පසුගිය යුද සමයේ දෙමළ තරුණයන් මර්දනයට සහ පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් තරුණයන් මර්දනයට මෙම පනත බහුලව යොදාගැනුනි.

මෙම මර්දන පනත හකුලා ගන්නා ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ප්‍රගතිශීලි සංවිධාන රැසක් අරගලයක නිරතවිය. නමුත් එය එතෙක් අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. වසන්තලාට එරෙහිව මෙවැනි මර්දනකාරී පනත් යොදාගැනීමේ උත්සාහය මෙන්ම මෙවැනි මර්දනකාරී පනත් සම්පුර්නයෙන් අතුගා දැමීමේ වගකීම මුළු මහත් ජනතාවට මත පැටවී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...