අන්තරේ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 16ට ඇප

ඊයේ (18) පැවැත්වූ විරෝධතාව අතරතුර දී අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක්‍රියාකාරින් අතුරෙන් 16 දෙනෙකු අද දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත නිදහස් කරන ලදී.

මේ අතර අන්තරේ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ චින්තන රාජපක්ෂ 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර ඇත. පොලීසිය අධිකරණයේදී පැවසුවේ ඔහුට විරුද්ධව ජනාධිපති මන්දිරයට ඇතුළුවීම සම්බන්ධයෙන් චෝදනා පවතින බවයි.

ඊයේ පැවති අන්තරේ විරෝධතාවය අතරතුරදී 20ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් 16 දෙනෙකු පමණක් මේ වනවිට ඇප මත මුදා හැර ඇත.

එසේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුකරු වසන්ත මුදලිගේ සහෝදරයා, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුකරු ගල්වැව සිරිධම්ම හිමි සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත යන සහෝදරවරු රැදවුම් නියෝග මත ආණ්ඩුව රදවා තබා ගනිමින් සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...