බෝගම්බර යලි සිරකරුවන්ට 

Date:

වාණිජ වටිනාකමකින් යුතු සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට පවරා ගත් පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබුණු  ප්‍රදේශය නැවත බන්ධනාගාරයක් ඇති කිරීම සඳහා  වන 2026 ජූලි මස 08 වැනි බදාදා දිනැති අංක 2496/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

මෙම හදිසි තීරණය ගැනීම සඳහා බලපා තිබෙන ප්‍රධානතම සාධකය වන්නේ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ඛේදනීය ගැටුම්කාරී තත්ත්වයයි . (54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තියෙන් කාර්යයන් සඳහා විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති අතර, එය සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි සීමාවන් නියම කරමින් ප්‍රකාශයට පත් කර ඇත. උග්‍ර වෙමින් පවතින බන්ධනාගාර තදබදය සමනය කිරීමට අරමුණු කරගෙන  මෙම හදිසි තීරණය ගෙන තිබේ.  

එපමණක් ද නොව ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව 2026 ජූලි මස 07 වැනි අඟහරුවාදා දිනැති අංක 2496/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

කෙසේ වෙතත් ආර්ථික වටිනාකමකින් යුතු ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා බෝගම්බර බන්ධනාගාරය වසා දමනු ලැබුවේ 2014 ජනවාරි මස 01 වන දින සිට ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...