බෝගම්බර යලි සිරකරුවන්ට 

වාණිජ වටිනාකමකින් යුතු සංචාරක කලාපයක් නිර්මාණය කිරීමට පවරා ගත් පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබුණු  ප්‍රදේශය නැවත බන්ධනාගාරයක් ඇති කිරීම සඳහා  වන 2026 ජූලි මස 08 වැනි බදාදා දිනැති අංක 2496/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

මෙම හදිසි තීරණය ගැනීම සඳහා බලපා තිබෙන ප්‍රධානතම සාධකය වන්නේ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ඛේදනීය ගැටුම්කාරී තත්ත්වයයි . (54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තියෙන් කාර්යයන් සඳහා විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති අතර, එය සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි සීමාවන් නියම කරමින් ප්‍රකාශයට පත් කර ඇත. උග්‍ර වෙමින් පවතින බන්ධනාගාර තදබදය සමනය කිරීමට අරමුණු කරගෙන  මෙම හදිසි තීරණය ගෙන තිබේ.  

එපමණක් ද නොව ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව 2026 ජූලි මස 07 වැනි අඟහරුවාදා දිනැති අංක 2496/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

කෙසේ වෙතත් ආර්ථික වටිනාකමකින් යුතු ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා බෝගම්බර බන්ධනාගාරය වසා දමනු ලැබුවේ 2014 ජනවාරි මස 01 වන දින සිට ය .

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...