සමාජ මාධ්‍යයෙන් අරගලයට සහාය දුන් සෙබලුන් 20ක් සිරගත කරති!

සන්නද්ධ හමුදා සාමාජිකයන් ජන අරගලයට සහාය පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධ චෝදනා ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බව විශ්වාසදායක මූළාශ්‍ර අනාවරණය කරයි

‘ලංකාවීව්ස්’ වෙත ලැබුණු තොරතුරු අනුව, සන්නද්ධ හමුදා සාමාජිකයන් 20ක් පමණ මේ වනවිට මිලිටරි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොල්හේන්ගොඩ කඳවුරේ රඳවා තබාගෙන සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෙම සොල්දාදුවන් සතු නවීන පන්නයේ ජංගම දුරකථන මිලිටරි පොලිසිය භාරයට ගෙන ඇති බවත් ඒවා පරික්ෂා කරමින් මෙම සොල්දාදුන් විසින් වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් හා ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ඔස්සේ කළ සන්නිවේදනයන් මෙන්ම ඔවුන් විසින් ජන අරගලයට දක්වා ඇති ප්‍රතිචාර විශේෂ විමර්ශනයකින් සොයාගන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම සමාජ මාධ්‍ය භාවිතයට අදාළ සාක්ෂි ගොනුකරමින් ඔවුන්ට චෝදනා නගන්නටද ඉන්පසුව ඔවුන් ආරක්ෂක අංශ රාජකාරියෙන් නෙරපා, වෙනත් රැකියාවක් කළ නොහැකි ආකාරයේ දණ්ඩනයකට ලක් කරන්නට බලධාරින් තීරණය කර ඇත.

මේ ආකාරයට සොල්දාදුවන් අත්අඩංගුවට ගත් විට සිරමැදිරිවල රඳවා විවිධ තාඩන පීඩනවලට ලක් කෙරෙන බවද ඔවුන්ට ලබා දෙන ආහාර මගින්ද පළිගැනීමට ලක්වන බවද අපගේ මූළාශ්‍ර පවසයි. මෙම සොල්දාදුවන් සම්බන්ධව පවුලේ සමීපතමයන් විසින් කරණු ලබන විමසීම්වලදී සාමාන්‍ය ආකාරයට තොරතුරු දක්වන ලෙසටත් සිදුවන හිරිහැර ගැන කිසිවක් නොකියන ලෙස තර්ජනය කරනු ලබන බවද දැනගන්නට ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...