භාෂාව බැරි නිසා පුරවැසි භාවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම පූර්වාදර්ශයක් වුණොත් ඔබට මොකද වෙන්නේ?

පසුගිය 21 වන සඳුදා ඉතාලියේ පාදවා නගරයේ ගමක නගරාධිපති මාර්කෝ චේසරේ. මොරොක්කෝ ජාතික කාන්තාවකට ඉතාලි පුරවැසි භාවය ලබා දෙන එක ප්‍රතික්ෂේප කරනවා.මේ කාන්තාව ඉතාලියේ අවුරුදු 15 ක් ජීවත් වෙච්ච කෙනෙක්.ඇයට නීතියෙන් අයිතියක් තියෙනවා අඛණ්ඩව වසර දහයකට වැඩි ලියාපදිංචි සහතිකයක් තියෙනවා නම් ඉතාලියේ පුරවැසි භාවය ඉල්ලන්න.

යම් කෙනෙක් ඉතාලියේ පුරවැසිභාවය ඉල්ලුම් කළ පසු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලුම්පත්‍රය සලකා බලා එහි අඩුපාඩුවක් නොවේ නම් ලියාපදිංචිය සඳහන් කර තිබෙන ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ නගරාධිපති දන්වන දිනයක ඔහු ඉදිරියේ දිවුරුම් දී පුරවැසිභාවය ලබා ගැනීමට පුළුවන්. මේ කාන්තාවගේ පුරවැසිභාවය අත්හිටවන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් අවසරය ලැබුණු පසු දිවුරුම් දෙන්නට යන අවස්ථාවේ එම නගරයේ නගරාධිපතිවරයා විසින්. ඒකට බලපාපු හේතුවක් තියෙනවා.

එම හේතුව තමයි මෙම කාන්තාව අවුරුදු 15ක් ඉතාලියේ ජීවත් වුණත් ඉතාලි භාෂාව පිළිබඳ කිසිදු දැනීමක් නොතිබීම.

නගරාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව සෑම මසකම සඳුදා දිනක පුරවැසිභාවය ලබා ගන්නා අයගේ දිවුරුම් දීමේ උත්සවය පවත්වනවා. ඒ අනුව පසුගිය විසි එක්වන සඳුදා තුන්දෙනෙකු අලුතුන් දිවුරුම් දී ඉතාලි පුරවැසිබාවය ලබා ගැනීමට නියමිතව තිබුණා. නගරාධිපතිවරයාට අනිත් දෙදෙනා සමග කිසිදු ආරවුලක් නැතුව ඒ කටයුත් අවසාන කරන්න ලැබුණත් මේ කියන කාන්තාව සමඟ දිවුරුන් දීම සුහදව අවසන් කරන්න ලැබිලා නැහැ.

නගරාධිපතිවරයා දිවුරුම්සු ප්‍රකාශය ලබා ගැනීමට ප්‍රථම ඇය සමඟ සුහද අදහස් ප්‍රකාශ කර ගැනීමක් සඳහා යොමු වෙලා තියෙනවා.

ඇගෙන් නම අහල පිළිතුරක් දී ගන්න බැරුව ගිහින්.
ඇගේ සුව දුක් විමසල කිසිවක් කියලා නැහැ. ඔය ආකාරයේ සරල ප්‍රශ්න කීපයක් යොමු කළත් ඒවාට පිළිතුරු දීගන්නවත් ඒවා තේරුම් ගන්නවත් ඇයට හැකියාවක් ලැබිලා නැහැ. ඉන් අනතුරුව නගරාධිපතිවරයා ඉදිරියේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා කරන දිවුරුම ඇයට කියවන්නට කීවත් ඒකවත් කියවන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඊට පසුව තමයි නගරාධිපතිවරයා තීරණය කරලා තියෙන්නේ ඇයට පුරවැසිභාවය ලබාදීම අත්හිටවන්න.

ඒ සිදුවීම සරලව කෙටියෙන්

මේ සිදුවීම සමාජ මාධ්‍යය තුළ පළවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්මේ පුවතට තම තමුන්ගේ අදහස් පළ කරලා තිබුණා.

බොහෝ දෙනකුට අනුව නගරාධිපතිවරයාගේ තීරණයය හොඳයි.

සැලකිය යුතු පිරිසක් ඔවුන්ට එහෙමමයි කරන්න ඕනේ කියන ද්වේශ අදහස් ප්‍රකාශ කිරීම් කරලා තිබුණා.

තවත් පිරිසක් තමන් හැර අන් ඔක්කොම නරකයි කියන පදනමේ සහ ජාතිවාදී පදනමෙන් අදහස් ප්‍රකාශ කිරීම් කරලා තිබුණා.

වසර 15ක් ඉතාලියේ ජීවත් වී ඉතාලි භාෂාව කතා කරන්න බැරිව ගිය එකම කාන්තාව මේ මොරක් හෝ ජාතික කාන්තාව නෙමෙයි.අපි දන්න ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ඉන්නවා වසර දහය පහළොව විස්ස ඉතාලියේ ජීවත් වුණාත් නම ගම වයස කොහෙද ජීවත් වෙන්නේ මොකද කරන්නේ කියලා අහන සරල ප්‍රශ්න වලටවත් උත්තර දීගන්න බැරුව ඇඹරෙන.

නගරාධිපතිවරයාගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කරුණු විමසා සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ තමුන් එම ස්ථාවරය ගත්තේ එම කාන්තාවට තමන් කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් නොතිබීමත් තමන් පුරවැසිභාවය ලබාගන්නා රටේ භාෂාව යම් පමණකට වත් තථාකරන්න අවබෝධ කරගන්න හැකියාවක් නැතුව ඒ සමාජය එක්ක මුහු වෙන්නේ කොහොමද . කියන ගැටළුව මත බවයි.

ඔහුගේ පැත්තෙන් සලකා බැලූ විට එය සත්‍යයකි. නමුත් මේ ප්‍රතිචාර දැක්වීම අනිකුත්පූ නගරාධිපතිවරු පූර්වාදර්ශයක් කොටගත්තොත් අපහසුතාවයට පත් වන්නේ මොරොක්කෝ ජාතිකයන් පමණක් නොව සමස්ත විදේශිකයාමයි.

නගරාධිපතිගේ ක්‍රියාව සාධාරණීකරණය කරන ශ්‍රී ලාංකික ජනතාවගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන්ටත් ඒ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ද භාෂාව ඉගෙන ගැනීම සහ මේ සංස්කෘතික සමාජ වටපිටාවට අනුගත නොවීම.

මුල් කාලයේ ඉතාලියට පැමිණිස ශ්‍රී ලාංකිකයන් ඉතාලි සමාජය ගැවසිලා ඉතාලි සමාජයේ හුරුව ලබාගෙන භාෂාව ඉගෙනගෙන සමාජගත වුණත් වර්තමානය වන විට පල්ලි පන්සල් හදාගෙන දේවාල කෝවිල් හදාගෙන සමිති සමාගම් හදාගෙන වෙළඳ සංගම් හදාගෙන ඉතාලි සමාජයෙන් හුදකලා වූ කණ්ඩායම් බවට පත්වෙලා තියනවා.

ශ්‍රී ලාංකීය හාම්පුත්තු සහිත ව්‍යාපාර බිහි වීම හරහා ඒවා තුළට ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් කොටුවීමෙන් භාෂාව ඉගෙන ගැනීම මගහැර ඉන්න එය අවස්ථාවක් කරගත් පිරිසක් ද ඉන්නවා. ඉතාලි සමාජය ඉතාලි සංස්කෘතිය ඉතාලි භාෂාව අවශෝෂණය කරගැනීම දුර්වල වෙලා තියෙන වටපිටාවක තමයි අද අපි ජිවත් වෙන්නේ .

අන් අය දෙස බලා තීන්දු තීරණ ගන්නට ප්‍රථම වඩාත් නිවැරදි වන්නේ අපි මේ සමාජයේ ඇතුළෙ කොයිතරම් පටු තැනකට කොටුවී ඉන්නවාද කියන එක තේරුම්ගැනීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...