Breaking News

රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව වෘත්තීය සමිති එක්සත් ජාතීන්ට ලිපියක් බාරදෙයි

ගෝඨා ගෝ ගමට පහරදුන් මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් නිදැල්ලේ සිටියදී, රටපුරා මර්දනය දියත් කරමින් සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් එක්සත් ජාතීන්ගේ සංගමයට ලිපියක් බාර දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පැවසුවේ ප්‍රාදේශීය පොහොට්ටු දේශපාලනඥයන්ගේ බලකිරීම මත මෙලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි. එසේම මෙය බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් බවද ඔහු පැවසීය. එසේම මෙම අත්අඩංගුවට ගැනීම ගෝඨාභය රාජපක්ෂට එරෙහි අරගලය මර්දනය කිරීමක් ලෙසද ඔහු සඳහන් කරයි.

leave a reply