රටේ සහල් සංචිත සැප්තැම්බර් මාසයේදී අවසන්!

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුව අද (23) පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය.

ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි.

මිට අමතරව පසුගියදා රජය විසින්ම අනාවරණය කරේ වී, එළවලු, ලොකු ළූණු සහ අනෙකුත් බෝග බීජ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බවයි.

එසේම පසුගිය 19වනදා අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදිය හැකි වුවත් යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදිය නොහැකි බවයි.

පොහොර ලබාදුන්නත් පොහොර මිටියක් ලබාදෙන්නේ රුපියල් 10000ට බවද රජය දැනට නිවේදනය කර තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහගේ විද්‍යාත්මක සහ සැලසුම් සහගත වගා සංග්‍රාමය වැඩපිළිවලේ පොහොර ලබාදෙන තුරු බලා සිටීම හැර වෙනත් වැඩ පිළිවෙලක් නැති බවයි. එසේම එම පොහොර ද ඉක්මනින් ලබාගැනීම සඳහා වැඩපිළිවෙලක් නොමැත. මෙවර යල කන්නයේ ගොවීන්ට වගා කිරීමට සිදුවන්නේ පොහොර නොමැතිවයි. නැතිනම් වගා නොකර අත්හැර දැමීමට සිදුවේ. ඒ අනුව ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය තවත් තීව්ර වෙනු ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...