ගෑස්

මේ දිනවල රට පුරා ජනතාව දින ගණන් ගෑස් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ. එසේම ඇතැමුන්ට දින ගණනක් බලා සිටියත් ගෑස් නොමැතිව හිස් අතින් ගෙදර යාමට සිදුව තිබේ. තවත් සමහර ජනතාව මාර්ග අවහිර කරමින් ගෑස් ඉල්ලා උද්ඝෝෂණයේ නිරතවෙනු දැකිය හැක.

දර සොයාගැනීමට අපහසුවීම, කුඩා ඉඩ ප්‍රමාණයක දර ලිපක් ඉදිකිරීමේ අපහසුව හේතුවෙන් නාගරික ප්‍රදේශවල ජනතාව ගෑස් නොමැතිවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

එසේම මෙම ගෑස් පෝලිම්වල දින ගණන් රැඳී සිටීමට සිදුව ඇත්තේ කාන්තාවන්ට සහ වැඩිහිටි පුද්ගලයන්ටයි. එයට හේතුව පිරිමින්ට එදා වේල සපයා ගැනීම සඳහා රැකියාවට යාම සිදුවීම හෝ ඔවුන් තෙල් පෝලිමක රැඳී සිටීමට සිදුවීම නිසයි.

මේ දිනවල සමාජ ජාල ඔස්සේ ප්‍රචාරණය වෙන පළමු ඡායාරුපයෙන් දැක්වෙන්නේ වයස්ගත් පුද්ගලයෙක් ගෑස් ටැංකියක් ඔසවාගෙන යන ආකාරයයි. එක අතකින් සැරයටියක් රැගෙන යන ඔහුට එම ගෑස් ටැංකිය ඔරොත්තු නොදෙන බරක් විය යුතුය. ගෑස් ටැංකියේ වර්තමාන මිල බැලුවද එයද ඔහුට ඔරොත්තු නොදෙනවා විය යුතුය.

අනිත් ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊයේ (19) පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අවස්ථාවේ පොලීසිය එල්ල කළ කඳුළු ගෑස්වලට මැදිවූ තරුණයෙකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවය පවත්වමින් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ගෙදර යන ලෙසත් ජනතාවට සහන දෙන ලෙසත්ය. එම ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාරය වූවේ අධි පීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් පමණි.

ගෑස් ඉල්ලන ජනතාවට ගෑස් ලබාදීම වෙනුවට ආණ්ඩුව දෙමින් සිටින්නේ කඳුළු ගෑස් පමණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...