මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ අය පුනුරුත්ථාපනය කරන්න – නාමල් රාජපක්ෂ

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

“ඊයේ පොලිසියට ගහපු විදිහ අප දුටුවා.කොළඹ දිස්ත්‍රික්කය බාර ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා.ඒ වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් ගෙවල් වලට ගිනි තැබූ අයට නීතියෙන් සාධාරණයක් වන්නේ නැතිනම් රටේ සාමය බිඳ වැටෙනවා.”යනුවෙන්ද නාමල් රාජපක්ෂ  පැවසීය.

පසුගියදා ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් බාර වෙන්න කියූ හැම කෙනෙක්ම පොලිසි වලට බාර වී තිබෙන අතර නීතිය කඩන්නට කිසිම චේතනාවක් නැතැයි කී නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා හා සමානවම ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්‍රස්තවාදීන් ලෙස හැසුරුණු අනෙක් පාර්ශවයේ අය අත්අඩංගුවට ගන්නැයි පවසන බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...