මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ අය පුනුරුත්ථාපනය කරන්න – නාමල් රාජපක්ෂ

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

“ඊයේ පොලිසියට ගහපු විදිහ අප දුටුවා.කොළඹ දිස්ත්‍රික්කය බාර ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා.ඒ වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් ගෙවල් වලට ගිනි තැබූ අයට නීතියෙන් සාධාරණයක් වන්නේ නැතිනම් රටේ සාමය බිඳ වැටෙනවා.”යනුවෙන්ද නාමල් රාජපක්ෂ  පැවසීය.

පසුගියදා ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් බාර වෙන්න කියූ හැම කෙනෙක්ම පොලිසි වලට බාර වී තිබෙන අතර නීතිය කඩන්නට කිසිම චේතනාවක් නැතැයි කී නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා හා සමානවම ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්‍රස්තවාදීන් ලෙස හැසුරුණු අනෙක් පාර්ශවයේ අය අත්අඩංගුවට ගන්නැයි පවසන බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...