මැයි 9  වනදා ප්‍රහාරයට සෘජුවම වගකිව යුතු මැරයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ කවදාද

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ව්‍යාජව පෙනී සිටි  ආරක්ෂක අමාත්‍යාංශයේ  හිටපු ලේකම් කමල් ගුණරත්න  මැයි 9 වන දා ගෝල්පේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරයට වරදකරු  බව අද පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා. එපමණක්ද නොව මැර ප්‍රහාරය සඳහා රැකවරණය ලබා දුන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්වද  වහාම අත්අඩංගුවට ගත යුතු බව එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ගාලුමුවදොර අරගල භූමිය වෙත පැමිණෙන මැරයන්ට බාධාවකින් තොරව ඊට ඇතුල් වීමට ඉඩ සලසා දෙන්නට කටයුතු කරන ලෙස දේශබන්දු  තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ  ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකුට  අනක් ලබාදුන් බවට සාක්ෂි හමු වී තිබෙනවා.  එම අණ ලබා දෙන මොහොතේදී දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර තිබෙන්නේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න දැනුම් දී තිබෙනවා මෙම මැරයන්ට බාධාවකින් තොරව ගාලු මෝදර අරගල පිටියට ඇතුල්වී ගිනි තියන්න, දේපල විනාශ කරන්න, ජීවිත හානි කරන්න ඉඩ සලසන්න කිව්වා කියා ප්‍රකාශ කර තිබේ.  නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම කරුණ සම්බන්ධයෙන් පොලිස් පොත්වල ලොග් සටහන් දමා ඇති බවත් මේ වන විට ඒවා  සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීම සඳහා විනාශ කිරීමට තැත් කරමින් සිටින බවත් දැනගන්නට තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...