අභියෝග හමුවේ පළා යන්නෙ නැහැ – ලැජ්ජා නැති මහින්දගෙන් ප්‍රකාශයක්

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.”

“ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි.”

“මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සංර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.”

“ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්.”

“පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.”

“මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය.”

“මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා.”

“ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.”

“පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...