Breaking News

රනිල් තම පන්තිය ආරක්ෂා කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලද  ඉන්ධන මිල ඉහළ දමන්නට රජය කටයුතු කර තිබෙනවා. තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පාමින් අද රට පුරාම උද්ඝෝෂණ මාලා දියත් වීම විශේෂත්වයකි.

මේ අතර ඊයේ නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා පියවරගෙන තිබෙන අතර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ හා සාකච්ඡා කරමින් ගෝඨාභයගේ ජනාධිපති ධූරය ධුර කාලය අවසන් වන තෙක් රැක ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ග ද රහසිගතව ගනිමින් තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව මේ ගෙවෙන සතිය ඇතුළත විශ්වාසභංගයක් ගෙනවිත් සියලු දෙනාගේම සහාය පළකර  ආණ්ඩුව පරාජයට පත්කර විසිවෙනි සංශෝධනය නැවත සංශෝධනය කර දහනව වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා රනිල් සමග එකගතා ඇති කරගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැති වෙන ආණ්ඩුවක් පිහිටුවීමට ද මේ සැලසුම යෝජනා වී තිබේ.

පවතින උග්‍ර  ජනතා විරෝධය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ඇතුලේ යම් ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ඔවුන් සැලසුම් කරන  අතර මනුෂ, හරින් ස්වාධීන වීමටත්, ස්වාධීන වීමෙන් පසුව ගෝල්ෆේස් විරෝධයට සහාය පළ කිරීමට පැමිණීමටත් ඒ හරහා ගෝල්ෆේස් විරෝධතාවයේ සංයුතිය වෙනස් කර නැවත දක්ෂිණාංශික බල කඳවුරට ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

විසිවෙනි සංශෝධනය බලරහිත කර දහනව වැනි සංශෝධනය බලාත්මක කර රනිල්ව අගමැති කිරීමට සූදානම් වන්නේ  රාජපක්ෂලාට විය හැකි හානිය  අවම කර ගැනීමේ අරමුණ ඇතිවයි. වංචා දූෂණ මෙන්ම ඉවත් කරගත් නඩු නැවත පැවරීමේ හැකියාවක් පවතින අතර ඒ සෑම නඩුවකින් ම නිදොස් කොට නිදහස් වූ පුද්ගලයන් වැරදිකරුවන් වීමට ද නියමිතව තිබේ.

මේ නව කැබිනට් මණ්ඩලය ද රාජපක්ෂලා බේරා ගැනීමේ  සැලසුමේ කොටසකි.

leave a reply