ජන අරගලයට වෘත්තීය සමිති සහාය – විරෝධතා දිනයක් සහ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සහය දක්වමින් සියලුම රාජ්‍ය සේවකයන් ලබන 20වනදා ජාතික විරෝධතා දිනයක් නම් කර කළු පැහැයෙන් සැරසී රාජකාරිය වෙත පැමිණෙන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

රට තුල අර්බුදයක් ඇතිව ඇති අවස්ථාවක රජය විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනිමින් රජය ස්ථාවර කරගැනීමේ උත්සහයක යෙදී ඇති බව ද එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළා. එමෙන්ම, ජන හඬට සවන් නොදී ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිගින් දිගටම රැඳී සිටීමට උත්සහ කළහොත් අප්‍රේල් මස 28වනදා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බවත් ඔවුන් පවසනවා.

මෙම අවස්ථාවට බැංකු, ගුරු, වෛද්‍ය, දුම්රිය පෞද්ගලික සේවක, වරාය, ටෙලිකොම්, රාජ්‍ය පරිපාලන, ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන වෘත්තිය සමිති ගණනාවක වෘත්තීය සමිති නායකයන් රැසක් සහභාගීව සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...