කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකිකයන් යලිත් පාරට

රටේ තරුණ බලවේගය #GoHomeGota2022 කියලා ආරම්භ කරපු විරෝධය මුළු රටම විරෝධතා බිමක් බවට පරිවර්තනය කර තිබේ. හැත්තෑ වසරකට අධික මං කොල්ලකාරී දේශපාලන-ආර්ථික ප්‍රවාහයෙන් බැටකාපු අපේ රටේ මිනිස්සු වර්තමාන රාජපක්ෂලාගේ ආණ්ඩුව උග්‍ර අගාධයකට ඇද දමනු ලැබුවා.

අද මුළු රටේම ජනතාව කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව ස්වයංව පාරට බැහැලා ගෝඨාභය ඇතුළු මහින්දගේ ආණ්ඩුව මෙන්ම පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියන තැනට පත්වෙලා.

කෙසේ වෙතත් මේ අරගලය නොනවතින අරගලයක් බවට පරිවර්තනය වෙමින් පවතින අතර ඊට සහාය පළ කරමින් ලෝකයේ සෑම රටකම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය සපයමින් තම තමන්ට පුළුවන් ආකාරයට තමන්ගේ රටවල්වල සිට ගෝඨාභය ගෙදර පලයන් කියන පණිවිඩය ලබා දෙමින් ඉන්නවා.

රාජපක්ෂලා ප්‍රමුඛ මේ මොහොතේ බලය හොබවන මේ නඩය බලය ලබා ගත්තේය රට තුළ දැවැන්ත භීෂණයක් සහ ජාතිවාදී ආගම්වාදී මතයන් නිර්මාණය කරලා, රටේ සමස්ථ ජනතාව භේදභින්න කරලා. නමුත් මේ මතුවී තිබෙන අරගලය තුළ ස්වයංව ,භේදභින්න තුරන් වී සමගිය නිර්මාණය වීම සුවිශේෂී කරුණක් වෙනවා.

ගෝඨා ඇතුළු කණ්ඩායම පැන්නීමේ උද්ඝෝෂණයට ලෝකයේ සියලු රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ගේ සහාය පළ කරමින් සිටිනවා . පසුගිය සඳුදා කැනඩාවේ ටොරොන්ටෝ හි ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ උද්ඝෝෂනයට සිංහල හා මුස්ලිමි සහෝදර සහෝදරියන් එකට අත්වැල් බැඳගෙන සහභාගි වීම සුවිශේෂී කරුණකි. ශ්‍රී ලංකාවේ දී මෙන් ම පිට රටවල තරුණ බලවේගයද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරවල පෙරමුණ ගැනීම සැලකිය යුතුව හොඳ ප්‍රවණතාවයකි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...