අපි වැඩ කරන්නේ ව්‍යවස්ථානුකූලව – ජොනී නැවතත් තප්පුලයි

ආණ්ඩුව වැඩ කරමින් සිටින්නේ ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් සිදු කළ කතාවේදී ඔහු පැවසුවේ විපක්ෂය ප්‍රජාතන්ත්‍ර විරෝධීව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් සිටින බවයි.

එසේම ජාතික ජන බලවේගය විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරමින් තරුණ ජීවිත නැවත වතාවක් බිල්ලට දීමට සැරසෙන බවද ඔහු පැවසීය.

අද දිනයේ පාර්ලිමේන්තුව තුළ මතුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කිරීමේ සූදානමක් නැති බව දක්නට ලැබේ. එසේම ආණ්ඩුව ද පවතින නීතිරීතිවලට මුවාවෙමින් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සාහ දරන බව පෙනේ. විවිධ බොරු ප්‍රචාර කරමින් ජනතාව නොමඟ යවමින් මතුව එන ජන අරගලය පසු බැස්සවීම ආන්ඩුවේ අරමුණ බව පෙනෙන්නට තිබේ. එයට එරෙහිව පවතින ව්‍යවස්ථා නීතිරීති වලින් එපිට ජනතාවට තමන්ගේ තීරණ ක්‍රියාත්මක කළ හැකි බල ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය මේ අනුව පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...