ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නවතියි

ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා.

මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.

මේ වනවිට රටපුරා දැඩි ගෑස් හිගයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව දින ගණන් පෝලිම්වල සිටී.

සති දෙකකට පමණ ඉහතදී ශ්‍රී ලංකාව වෙත ලඟා වූ ගෑස් තොග සහිත නෞකා දෙකක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන නමුත් තවමත් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. ගෑස් තොග ගොඩබෑම ආරම්භ කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කළයුතු වන නමුත් ඒ් සඳහා අවශ්‍ය ඩොලර් මේ දක්වා නිකුත් කර නොමැති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

ගෑස් නොමැතිවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පමණක් නොව ආපනශාලා ඇතුළු ව්‍යාපාර කටයුතු සිදු කරන පුද්ගලයන්ද දැඩි දුෂ්කතාවලට මුහුණ දී සිටින අතර බොහෝ ආපනශාලා මේ වනවිටත් වසාදමා තිබෙනවා.

ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසා තිබුණි.

ආපන ශාලා වසා දැමීමට සිදු වීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අවදානමකට පත්වන බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...