වසර 90ක සර්වජන ජන්ද බල අයිතිය හමුවේ රට කොතැනද?

පට අවැසි පාලකයන්ද? මහජන නියෝජිතයන්ද? වසර 90ක සර්වජන ජන්ද බල අයිතිය හමුවේ රට කොතැනද?

සර්වජන ඡන්ද බලයට වසර 90 ක් පිරීම නිමිත්තෙන් මාර්තු 12 ව්‍යාපාරය මගින් සමාජ සංවාදයක් පැවැත්වීමට අදහස් කර ඇත. එහිදී ප්‍රධාන අදහස් දැක්වීම හිටපු විගණකාධිපති, ගාමිණී විජේසිංහ මහතා විසින් සිදු කරනු ලබන අතර මේ සඳහා හිටපු අමාත්‍ය ෆේරියල් අෂ්රොෆ් මැතිණිය, මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ආගමික නායකයින්, විශ්ව විද්‍යාල නියෝජනය කරමින් උප කුලපතිවරුන් ඇතුළු ආචාර්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු සම්භාවණීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ .

“ප්‍රජාතන්ත්‍රවාදය – න්‍යාය සහ භාවිතය පිළිබඳ ශ්‍රී ලාංකේය අත්දැකීම්” ඇතුළත් කෘතිය දොරට වැඩුමද , 2022 මාර්තු 14 වන දින ප.ව. 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කරනු ලැබේ .

රෝහණ හෙට්ටිආරච්චි,
මෙහෙයුම් කමිටු සාමාජික

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...