ඩොලර් ගැටලූවෙන් ජල පාරිභෝගිකයින්ටත් ගැටළු

Date:

ඉන්ධන හිය මත ඇතිව තිබෙන විදුලි කප්පාදුව ජල සැපයුමට බාධා සිදුව තිබේ. ජල පිරිපහදු සහ ජල පොම්පාගාර සියල්ල විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බැවින් විදුලි කප්පාදු කාලය තුල ඒවා ක්‍රියා විරහිත වේ. එවිට ජල නිෂ්පාදනය අඩාල වේ. විදුලිය නොමැති විට ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාර ක්‍රියාත්මක කිරීමට විදුලි ජනක යන්ත්‍ර නොමැති බැවින් වෙනත් විකල්ප ක්‍රමද නැත. ඒ අනුව ජල සැපයුමට බාධා ඇති වීමෙන් පාරිභෝගිකයින්ට අපහසුතා ඇති වනු ඇත.

තවද රට පුරාම නව ජල සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය වන ජල නල තුල උපාංග සහ ජල මීටර් ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකි වීම මත එම ද්‍රව්‍ය වල හිඟයක් ඇති වී තිබේ. දැනට ඇති තොග ඉදිරි සති කීපයකට පමණක් ප්‍රමාණවත් වන අතර ණයවර ලිපි සඳහා ඩොලර් නොලැබුනහොත් නව ජල සම්බන්ධතා ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත.

තත්වය මෙසේ වුවද ජල ව්‍යාපෘතිවලට යැයි සඳහන් කරමින් දැනට අත්‍යවශ්‍ය නොවන රුපියල් බිලියන තුනකට වැඩි වටිනාකමකින් යුතු ජල නල ප‍්‍රමාණයක් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට යන බවද වාර්තා වේ. මෙසේ ජලනල ගෙන එන ව්‍යාපෘතිවලට අදාලව ජල පිරිපහදු ඉදිකිරීම් කටයුතු මෙතෙක් ආරම්භ වීද නොමැති බැවින් රටෙහි ඩොලර් අර්බුදයක් ඇති මෙවන් අවස්ථාවක කෙරෙන අනවශ්‍ය වියදම බරපතල අපරාධයකි. එම මුදල් එදිනෙදා ජල සැපයුම වෙනුවෙන් සහ නව ජල සම්පාදන වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ සඳහා යෙදවිය යුතුය.

මෙවැනි තත්වයක් තිබියදී මේ පිළිබඳව බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු වී නොමැති බැවින් වහාම මෙම තත්වයට විසඳුම් ලබාගෙන ජල පාරිභෝගයින් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා .

ඉංජිනේරු උපාලි රත්නායක

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...