ජනතා විරෝධය හමුවේ බැසිල් බබා වෙයි

Date:

රුපියල්  මිලියන 2000 කට වඩා  බදු ආදායමක් ලබාගත හැකි පුද්ගලයින් සහ සමාගම් මත  පැනවූ අධිභාර බද්දට EPF – ETF ඇතුළු  අරමුදල් 11 ක් ඇතුළත් නොවන බව  මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසා තිබේ.  අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යවරයා කළ බව සඳහන් වෙනවා. බැසිල් රාජපක්ෂ පවසන ආකාරයට 25% ක අධිභාර බද්දට යටත් වෙන සමාගම් සහ පුද්ගලයන් 69 ක්  තිබෙන අතර ඊට EPF – ETF ඇතුළු  අරමුදල් 11 ඇතුලත් නොවේ.

අද දවසේ බැසිල් රාජපක්ෂ මාධ්‍ය අමතා කළ කථාව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ EPF – ETF ඇතුළු  අරමුදල්  වලින් ඉහත සඳහන් බද්ද අය කරගැනීමට ඔවුන් තුළ පෙරසිටම සූදානමක් නොතිබුණු බවයි. සිදුවුණු යම් අවුලක් වේ නම් එය සිදුවී තිබෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ  2017  අංක 24 දරන  දේශීය ආදායම් පනත යටතට EPF – ETF ඇතුළු  අරමුදල් ද  ආදායම් ගෙවිය යුතු බවට සඳහන් වී තිබෙන හෙයිනි.

අපේ කියමන් තියනවා දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා  කියලා . බැසිල්ගේ මේ කතා අහන විට අපට සිහි කැද වෙන්නේ එවැනි කතාය එහෙමත් නැත්නම් පෙරලුනු පිට හොඳයි කියන කතාවය . 25% අධිභාර පනත සම්මත වූ මොහොතේ පටන් ඊට එරෙහිව පෙළගැසුණු ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව දැනුවත්ව කරන්නට ගිය අරමුදල් මංකොල්ලය කැර ගැනීමට අප හසු වූ තැන  එය යහපාලන ආණ්ඩුවේ වරදක් බව හුවා දක්වමින් ඉන් මිදෙන්නට උත්සාහ දරමින් සිටිනවා.

එවකට යහපාලන ආණ්ඩුවේ සිටි උදවිය වර්තමාන ආණ්ඩුවට ඇඟිලි දික් කලත් වර්තමාන ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට ඇඟිලි දික් කලත් මුන් දෙගොල්ල ම බොහෝ අවස්ථාවල උත්සාහ දැරුවේ විවිධ අණ පනත් හරහා සෘජුවත්  වක්‍රවත්  EPF – ETF ඇතුළු  මහජන අරමුදල්  වල ඇති මුදල් මංකොල්ල කන්නටයි.

 කෙසේ වුවද බැසිල් ඇතුළු වර්තමාන ආණ්ඩුවේ ඒ මං කොල්ලකාරී උත්සාහය  වැඩකරන ජනතාවගේ පෙළගැස්ම හරහා පරාජයට පත් කරන්න ලැබීම පොදු මහජනතාව ලැබූ ජයග්‍රහණයකි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...