රාගම වෛද්‍ය පීඨයට ගියේ නවක වදයට ලක්වෙච්ච ශිෂ්‍යාවක් බේරගන්න – අරුන්දික ප්‍රනාන්දු

රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමක් සිදුව ඇත්තේ එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන විශේෂඥ වෛද්‍යවරියකගේ දරුවෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ නවක වද සිදුවීමකට අදාලව මෙම බාහිර පිරිස පැමිණ මැදිහත්විමේදී බව අරුන්දික ප්‍රනාන්දු පවසා තිබේ.

දිගින් දිගටම අදාළ වෛද්‍ය ශිෂ්‍යාවට සිදුවූ හිරිහැර හේතුවෙන් ඇයව ගලවා ගැනීම සදහා මෙම පුද්ගලයින් මෙම පුද්ගලයින් රාගම වෛද්‍ය පීඨයට ගොස් ඇති බව තමන්ට ආරංචි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි සිසුන්ට අද අලූයම එල්ලවූ ප්‍රහාරයකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි පොලිසිය පවසා තිබේ. මෙම පිටස්තර පුද්ගලයන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් බව තහවුරු වී තිබේ. අරුන්දික ප්‍රනාන්දුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...