Breaking News

අතිකාල දීමනා හා ගමන් වියදම් ගෙවීමට අමාත්‍යංශ වලට මුදල් නෑ…

සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයට හා අමාත්‍යය කාර්ය මණ්ඩලයට පසුගිය වසරේ දෙසැම්බර් මාසයට හිමි අතිකාල දීමනා හා ගමන් වියදම් මුදල් පියවීමට අමාත්‍යංශයේ මුදල් නොමැති බව පවසා එම මුදල් මෙතෙක් ගෙවා නැතැයි එහි සේවකයින් පවසයි.

මේ වන විට අනෙකුත් අමාත්‍යංශයන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයට හිමි අතිකාළ දීමනා හා ගමන් වියදම් දීමනා ගෙවා අවසන් වී ඇතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබුණ බව පවසා සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ ගිණුම් අංශය මගින් මෙතෙක් ඉල්ලුම් කළ මුදල් පියවා නැතැයි සේවකයින් චෝදනා කරති.අදාළ මුදල් ඉල්ලුම් කර මසකට ආසන්න කාළයක් ගත වී ඇතත් තවමත් එම මුදල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඔවුන් පවසයි.

මීට පෙර 2021 නොවැම්බර් මස ඇතුළුව මාස කීපයකද, මුදල් නොමැති බැවින් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත බව පවසා ගණකාධීකාරීතුමිය විසින් සේවකයින්ගේ ගමන් වියදම් දීමනාවන්ගෙන් කප්පාදු කළ බවට සේවකයින් චෝදනා කරති. අමාත්‍යංශ ලේකම්වරයා හා ගණකාධීකාරීතුමිය විසින් පෙර දැනුම්දීමක් නොකර හිතුමතේ එලෙස ගමන් වියදම් කප්පාදු කර සුළු මුදලක් පමණක් ගෙවා , අතිකාළ මුදල් ගෙවීමට මුදල් නොමැති නිසාවෙන් එසේ සිදු කළ බවට සේවකයින්ට දැන්වූ බවද සේවකයෝ පවසති. අතිකාල දීමනා ඉල්ලුම් පත් වල කිසිදු දෝශයක් නොමැතිව එසේ හිමි අතිකාල දීමනා ප්‍රමාණයන් කප්පාදු කළ නොහැකි බවද සේවකයෝ පෙන්වා දෙති.

වසර අවසන් වන විට ප්‍රමාණවත් මුදල් නොමැති බව පවාසා, අමාත්‍යංශ ගිණුමේ ඉතිරු වූ මුදල්, අතිකාල ඉල්ලු සේවකයින් හා ඉල්ලූ මාස ගණනින් බෙදා , එක් මසක් සඳහා රුපියල් 3362.02 ක මුදලක් පමණක් ගෙවා දැමීමට එම අමාත්‍යංශයේ ගිණුම් අංශය කටයුතු කර ඇතැයි එම සේවකයෝ.ඒ හේතුවෙන් ඇතැම් නිළධාරීන්ට හිමිවිය යුතු ගමන් වියදම් විශාල ලෙස අහිමි වී ඇතැයිද සේවකයෝ චෝදනා කරති.

වත්මන් රජය මගින් අලුතින් පිහිටවූ අමාත්‍යංශයක් වන සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශය අඩු සේවකයින් පිරිසක් මගින් සේවය සපයන ආයතනයක් බැවින් රාජකාරී කිරීමේදී, අනෙකුත් සේවකයින්ගේද රාජකාරී ආවරණය කරමින් අති කාල රාජකාරීයේ නිරත වීමට සිදු වන බවත්, එසේ සිදු කරන අතිකාල යන්ට හිමි දීමනා මෙසේ නොගෙවා සිටීමට කටයුතු කිරීම මගින් සේවකයින්ට මහත් අසාධාරණයක් සිදු වන බවත් ඔවුන් පවසති.

මේ ඉදිරි කාර්තුව සඳහාද මේ දක්වා මුදල් ලැබී නොමැති බැවින් අප්‍රේල් මාසය දක්වා අතිකාල දීමනා හෝ ගමන් වියදම් ගෙවීම අපහසු බවට ගිණුම් අංශයෙන් අනතුරු ඇඟවූ බවද සේවකයින් පවසති. මෙවැනි පසුබිමක් තුළ රජයේ සේවය අත්හැර දැමීමට සිදු වන බවද සේවකයෝ පවසති.මේ සම්බන්ධයෙන් බළධාරීන් නිළධාරීන් දැනුම්වත් කලද මෙතෙක් විසදුමක් නොලැබුණ බව අමාත්‍යංශ සේවකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සූර්ය බළ සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එම උත්සහය ව්‍යර්ථ විය.

leave a reply