එය විශේෂ ගසකි

මේ වසරේ මටත් අවශ්‍යයි
නත්තල් ගහක් සාදන්න
එය සුවිශේෂී එකකි
ඇත්තටම ලස්සන එකකි.

එය කෑම කාමරයේ නොසාදමි
මම මගේ මනසේ සකසමි
අතුරිකිලි ලක්ෂයකින්
කෝටියක් විදුලි බුබුළු දල්වමින්
සාප්පු වල වීදුරුවෙන් නොපෙනෙන
සියලු තෑගි වලින් පුරවා.

සීතලෙන් වෙව්ලන ගේ කුරුල්ලාට
උණුසුම් හිරු කිරණ දෙමි
අයිස් වී තිබෙන පොළොව මත
වයලට් මල් පුබුදුවමි
විශ්‍රාම ගිය මහලු මිනිසාට
විශ්‍රාම වැටුප් වැඩි කරමි

එපමණක්ද නොව ටෙඩිබෙයාලාද
තවත් බොහෝ සෙල්ලම් බඩුද
ඇස් පුළුල් කර විවර කරන විට
ගණන් කළ හැකි තරමට
මිලියනයක්, මිලියන සීයක්
ලස්සන තෑගි
ඒ සියල්ල දරුවන් වෙනුවෙනි,
කිසිම දවසක වෙනසක් නොදන්න
උත්සවයක් ගැන සිතුවිල්ලක් නැති
ඔවුන්ට කවදාවත්ම නොලැබුණු
නත්තල් තෑග්ගකි.

කිසිවක් ම නැති ව
එකම පුංචි දෙයක් වත් නැතිව
ඇයි ඒ දරුවන් විතරක් ?
ඔවුන් හඬන හැඬුම පවා නොඇසෙන
නත්තලේ සියල්ලම වරදකි.

ඉතාලි ළමා යොවුන් සාහිත්‍යයේ පුරෝගාමියා වන ජාන්නි රෝදාරි විසින් රචිත UN ABETE SPECIALE නම් කවියේ අනුවර්තනයකි. ජාන්නි 20 වන සියවසේ ඉතාලියේ විශිෂ්ටම ළමා යොවුන් සාහිත්‍යවේදියා ය .

තරුෂ පෙරේරා | හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...