එය විශේෂ ගසකි

මේ වසරේ මටත් අවශ්‍යයි
නත්තල් ගහක් සාදන්න
එය සුවිශේෂී එකකි
ඇත්තටම ලස්සන එකකි.

එය කෑම කාමරයේ නොසාදමි
මම මගේ මනසේ සකසමි
අතුරිකිලි ලක්ෂයකින්
කෝටියක් විදුලි බුබුළු දල්වමින්
සාප්පු වල වීදුරුවෙන් නොපෙනෙන
සියලු තෑගි වලින් පුරවා.

සීතලෙන් වෙව්ලන ගේ කුරුල්ලාට
උණුසුම් හිරු කිරණ දෙමි
අයිස් වී තිබෙන පොළොව මත
වයලට් මල් පුබුදුවමි
විශ්‍රාම ගිය මහලු මිනිසාට
විශ්‍රාම වැටුප් වැඩි කරමි

එපමණක්ද නොව ටෙඩිබෙයාලාද
තවත් බොහෝ සෙල්ලම් බඩුද
ඇස් පුළුල් කර විවර කරන විට
ගණන් කළ හැකි තරමට
මිලියනයක්, මිලියන සීයක්
ලස්සන තෑගි
ඒ සියල්ල දරුවන් වෙනුවෙනි,
කිසිම දවසක වෙනසක් නොදන්න
උත්සවයක් ගැන සිතුවිල්ලක් නැති
ඔවුන්ට කවදාවත්ම නොලැබුණු
නත්තල් තෑග්ගකි.

කිසිවක් ම නැති ව
එකම පුංචි දෙයක් වත් නැතිව
ඇයි ඒ දරුවන් විතරක් ?
ඔවුන් හඬන හැඬුම පවා නොඇසෙන
නත්තලේ සියල්ලම වරදකි.

ඉතාලි ළමා යොවුන් සාහිත්‍යයේ පුරෝගාමියා වන ජාන්නි රෝදාරි විසින් රචිත UN ABETE SPECIALE නම් කවියේ අනුවර්තනයකි. ජාන්නි 20 වන සියවසේ ඉතාලියේ විශිෂ්ටම ළමා යොවුන් සාහිත්‍යවේදියා ය .

තරුෂ පෙරේරා | හිල්මි සුපුන්

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...