කාන්දුවීම්වලට හේතුව පැහැදිලි නොකරම නැවත ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවසර

කොන්දේසි කිහිපයකට යටත්ව හෙට (05) සිට යළිත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව,

  1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම

  2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම

  3. මෙම ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර serial number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදීම

යන කොන්දේසි වලට යටත්ව සහ මෙම කරුණු සපුරා ගැනීම සඳහාත් ගුණාත්මකභාවය සොයාබැලීම සඳහාත් පත්කරන ලද කමිටුවේ අධීක්ෂණයට යටත්ව ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

එසේම එම නිවේදනයේ දැක්වෙන පරිදි මෙරටට ආනයනය කරන ලද ගෑස් නැව්වලින් ලබාගත් නියැදි පරික්ෂාකර බලා මෙම තීරණයට එළඹ තිබේ. නමුත් මෙතෙක් සිදුවූ ගෑස් කාන්දුවීම්වලට හේතුව හෝ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබාදීමක් ගැන සඳහනක් නැත.

මෙම නිවේදනයේ දැක්වෙන පරිදි නියමිත ප්‍රමිතියට ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කරන බව පැවසීම ඉතා සැක කටයුත්තකි. ගඳ සුවඳ හඳුනා ගැනීමට නොහැකි වන ලෙස අනිවාර්යයෙන් ගෑස් සංයුතිය වෙනස් කර තිබිය යුතුය. එසේ නම් එම සමාගම් සිදුකර ඇත්තේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමකි. ඒ සම්බන්ධයෙන් මෙම සමාගම්වලට විරුද්ධව කටයුතු කළ යුතු අතරම ජනතාවට වන්දි ලබාදිය යුතුය. එසේම දැනට වෙළඳපොලේ තිබෙන සහ දැනට නිවෙස්වල තිබෙන ගෑස් සම්බන්ධයෙන් ආණ්ඩුව විසඳුමක් ඉදිරිපත් කිරීමට සමත්ව නැත.

එසේම රජය පාර්ශවයෙන් ගෘහස්ත ගෑස් සංයුතිය සම්බන්ධයෙන් නියාමනයක් නොමැති වීම නිසා ඕනෑ හැටියට කටයුතු කරගෙන ගොස් ඇති බවද පෙනෙන්නට තිබෙන තත්ත්වයකි. එම නිසා මෙම ප්‍රශ්නයේ චෝදනාව රජය වෙතද එල්ල විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...