ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

ඉරි තැළිච්ච කේඩෑරි වෙච්චි
නෙළුම් මානෙල් පිළිකන්න
පියස්සෙන් රූටන දිය බිඳිති කැන්දං
බොර සීතලෙන් පුරවයි තාලයට !

හුස්ම අදිනා කුඩමසු රෑන
අරගෙන මඩෙන් දිය මත
රැය දෙක තුනක් ගෙවෙනා තැන
කොමළ පෙන්වයි නෙළුම් කුමරිය !

කළහා නවතා තුරල් වි වැසි
පුර හඳක් පායන දින
සුදු රෙද්ද පොරවා සුළං දැක
නැටුම් නැටුවයි හීන් කෙකටිය !

කිසිත් නොකියා බලා උන්නට
තපස් රකිනා කණ කොක්කු රැළ
හෙට උදේ දඩයමක විස්තර
සකස් කරවයි හෙමින් රෑ මැද !

විසල් සයුරක් සෙයින් දිස්වන
අලුත ඉතිරුණු වැව්දිය
අතර පැහැබර රැයක ගිල්වා
ගත්තා තරුණෙකු මරණෙට !

මදුවිතෙන් මත් වෙලා යහමෙට
අඩියට දෙකට ගෙදර යන්නට ආවයි
පවුලකම බර පැත්තකින් තියලා
ළමයින්ගෙ තාත්තා එදා රෑ ගෙදර නාවයි !

නෙළුම් කෙකටිය මාළු කොක් රැළ
මේ දැක සැනින් නින්දට වැටුණයි
හෙට උදේ මරණයක ඔත්තුව
කියන්නට දැං එන්නෙ කවුදැයි !

ළමයි ඇහැරා විත්තිය කියන්නට
ඒ රෑම ඉබ්බෙක් පිටත් වූ බව කිව්වා
උගෙම දරුවගෙ අතීත මළගම මතක් වි
ඉබ්බත් මගදි ළය පැලි මියැදිලා තිබුණා..!

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...