Breaking News

මුතුරාජවෙල අක්කර 50 ක් විනාශ කරන තුරු බලධාරීන් සිටියේ කොහෙද

මුතුරාජවෙල ඇතුලත k.S.T පෙරේරා නැමති වන්චනික වයාපාරිකයකු විසින් අදල සියලු රාජ්‍ය ආයතන වලට නිදිපෙති ලබාදී මහා පරිමානයෙන් ගොඩකර පරිසර පද්ධතිය විනාශයට පත්කරමින් ඉදිකිරීම් කටයුතු කරගෙන යනු ලැබේ . පසුගියදා මුතුරාජවෙල සුරැකීමේ සන්ධානයේ සේනාරත්න වනසිංහ මහතා මාධ්‍ය කළ අනාවරණයෙන් පසුව පසුපස රත්වුන නිලධාරීන් විලිලැජ්ජා නොමැතිව ශ්‍රේෂ්ර පරීක්ෂාවක් හදිසියෙන් සිදුකරන්නට පෙළඹී තිබේ.

මෙලෙස විනාශ කර ඇත්තේ වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැලතුර බටහිර ග්‍රාම නිළධාරි වසමට අයත් මුතුරාජවෙල අභයභූමියේ
අක්කර 50ක ආසන්න ප්‍රමාණයක්ය .

 

* වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත
* ජාතික පාරසරික පනත
* ශ්‍රී ලංකා ඉඩම්ගෙඩකිරීම් හා සංවර්ධනය කිරිමෙ සංස්ථාපිත පනත
* ගෙවිජන සංවර්ධන පනත ඇතුළු පණත් ගණනාවක්ම අමුඅමුවේ උල්ලංගනය කර ඇත.
* SC/FR/176/17 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තහනම් නියෝගය පවා උල්ලංගනය කර ඇත.

එසේ නීති උල්ලංඝනය කිරීම් වලට අමතරව මෙම කූට ව්‍යාපාරිකයා තල්ගස්,පොල් ගස් ,ගස් පිටින් ගෙනවිත් සිටුවා,ඉඩම් පැරණි බව පෙන්වීමට උපක්‍රමයක්ද යොදා ඇති අතර අභයභූමියේ නාම පුවරු ගලවා වෙනත් තැනක සිටුවා ඇති බව ධීවරයින් පවසයි .

මුතුරාජවෙල අභයභූමිය විනාශ කිරීම මීගමුව කළපුවේ පැවැත්මට දැඩි තර්ජනයක් මෙම ක්‍රියාවන් හේතුවෙන් උද්ගත වී තිබේ . එපමණක්ද නොව තෙත්බිම් ආරකෂා කිරීමට,ඇති ජාත්‍යන්තර සම්මුතිය වන රැම්සා සම්මුතියට අත්සන් කර ඇති රටකට තෙත් බිමක් මෙසේ විනාශ කළ හැකිද? යන ප්‍රශ්නය මේ හරහා පැන නැගී තිබේ.

මුතුරාජවෙල අඩවි ආරක්ෂක කාර්යාලය පිහිටා තිබෙන්නේ මෙම භූමියේ සිට මීටර්100- 150 ආසන්නයේ වන අතර මෙම දැවැන්ත විනාශය සිදු වන තෙක් එම ආරක්ෂිත කාර්යාලයේ සේවය කළ සේවකයින් කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශනය කළ බැලිය යුතු කරුණකි. මෙසේ වෙතත් එම භූමිය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් සියලු දෙනාගේම උදව් උපකාර ඇතිව මෙම කූට ව්‍යාපාරිකයා විසින් මෙම කටයුත්ත කරගෙන ගිය බවයි.

මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසුව නිලධාරීන් මෙය සොයා බැලීමට කටයුතු කර තිබුණත් මෙම කූට ව්‍යාපාරිකයන් ආරක්ෂා කරමින් මුතුරාජවෙල විනාශ කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ඔහුගේ දේශපාලන බලපුළුවන්කාරකම් ක්‍රියාත්මක වීමට හැකි බව ප්‍රදේශවාසීන් පවසයි

තොරතුරු උපුටා ගැනීම දිනුෂ නානායක්කාර ගේ මුහුණු පොතෙනි

leave a reply