කෘෂිකර්ම ඇමතියාගේ ටිකිරි මොලේ

කොහොමද මුගේ ටිකිරි මොලේ…. ලබන කන්නයේ සිට පොහොර සහනාධාරය නොදී වී වලට උපරිම මිලක් ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති කියනවා. අනේ මේකාගේ ටිකිරි මොලේ…… සහනාධාර වලට තියා නිකන් දෙන්නත් පොහොර නෑ…… පොහොර නැති වගා බිම්වලින් සරු අස්වැන්නක් එන්නෙත් නැහැ එතකොට පොහොර සහනාධාරය කපාහැරීමේ ලාභයත් උන්ට ඉන්පස්සෙ ගන්න වීයකුත් නැති උනයින් පස්සේ ගොවියට අබ සරණයි. ආණ්ඩුවට මුදු සරණයි. අනේ මේකාගේ ටිකිරි මොලේ..

ඒක ඉන්නේ ගොවියගෙ පැත්තෙ ලු, එතකොට පාරිභෝගිකයාගේ පැත්තෙ ඉන්නෙ කවුද බන්දුල වෙන්න ඇති.. මේ ටිකිරි පැංචා කියන්නේ බන්දුලයට කෙල උනාට කමක් නැහැ මට හරි යනවා නම් කියලා.

ඔන්න මේ ටිකිරි පැංචා කියනවා ඩඩ්ලිට අයිතියක් නැතිලු වී මිල තීරණය කරන්න. ඒක තීරණය කරන්නේ ආණ්ඩුව.. ඉතින් පැංචෝ උඹට තේරෙන්නැද්ද දැන් වී මිල තීරණය කරලා තියෙන්නේ ඩඩ්ලි…. හාල් මිළ තීරණය කරලා තියෙන්නෙ ඩඩ්ලි….. ආණ්ඩුව කරලා තියෙන්නේ ඩඩ්ලි ගාව නැමිල්ල ආණ්ඩුවට ඇරිල්ල .

ඔන්න පොඩි බළල් පැටියෙක් එළියට පැන්නා හාල් ආනයනය කලොත් ඩඩ්ලිට ඕනා ගානට හාල් වීකුණන්න බැරිවෙනවලු. ඒ කියන්නේ මේ අය එකතුවෙලා හාල් පිටරටින් ගෙන්නන්න තීරණය කරලා. මොකද එහෙම නොකලොත් එන කන්නේ දී අස්වැන්නක් නැති කොට රටේ මිනිස්සුන්ට කන්න දෙන්න දේකුත් නැති වෙනවා.

මේ යකාගෙ ටිකිරි මොලේ පැටව් ගහනවා එකතැන . ගොවියාට හොඳ මිලක් දෙන්න ඕනලු වී ගන්න ඕන රුපියල් සීයට විතර එතකොට ආයෙත් කෙලවෙන්නේ පාරිභෝගිකයාට අපි වෙන විදිහකට මේක කියනවා නම් ආයෙත් කෙලවෙන්නේ බන්දුලයට.

වසංගතයේ ඉවරකරලා හාල් මාපියාව මට්ටුකරනවලු… මේ වෙන දේවල් වල හැටියට අහන්න වෙන්නේ දවල් ද කියලා තමයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...