”ඔමික්‍රෝන්” ලොව පුරා පැතිරිය හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

”ඔමික්‍රෝන්” කොවිඩ් 19 ප්‍රභේදය ලොව පුරා ආසාදනය වීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මෙම ප්‍රභේදය ඇතැම් කලාපවලට දරුණු ප්‍රතිවිපාක දෙනදෙනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මෙමගින් ලොව දුප්පත් රටවල්වලට කොවිඩ් 19 එන්නත ලබා ගැනීම සඳහා සුභවාදී බලපෑමක් එල්ල කර තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් මහතා ප්‍රකාශ කරයි.

මෙම නව ප්‍රභේදය මෙම මස මුලදී දකුණු අප්‍රිකාවෙන් ආනාවරණය වූ අතර නැවත එම වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් ඇති බවත් කෙසේවෙතත් මෙම නව ප්‍රභේදය පිළිබඳව ලෝක ක්ෂණිකව ලොව දැනුවත් කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු අප්‍රිකාවට ප්‍රශංසාවද පළකර තිබේ.

ලොව බොහෝදෙනා කොවිඩ් 19 වසංගතය අවසන් බවට සිතුවද එය තාමත් එසේ නොවන බවත් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනම් මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් මෙම නව ප්‍රභේදයට සම්බන්ධව මෙතෙක් මරණ වාර්තා වී නැති බවද ඔහු කියාසිටියි.

කැනඩාව,එක්සත් රාජධානිය, පෘතුගාලය, බෙල්ජියම සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක දැනටමත් මෙම නව ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...