Breaking News

රු. 2000 දීමනාව ලබාදෙන පිරිස තවදුරටත් කප්පාදු කරයි

පවත්නා ඇඳිරිනීති තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග අහිමිවූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000ක මුදල් ලබා දීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි කිසිදු ආකාරයේ රජයේ දීමනාවන් ලබන පවුල් මේ සඳහා සුදුසුකම් නොලබයි. ඒ අනුව සමෘද්ධි ලාභීන්, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, වැඩිහිටි දීමනාව ලබාගන්නා පිරිස්, ආබාධිත පිරිස් ඒ සඳහා සුදුසුකම් නොලබන බව සඳහන් වේ.

එම දීමනාව ප්‍රතිලාභියා ලාබාගත් බවට සහතිකයක් ලබා ගන්නා ලෙසද නිලධාරීන්ට දැණුම් දී තිබෙනවා.

රජයේ විශේෂ දීමනා ලැබෙන සමෘද්ධි දීමනාව , වැඩහිටි දීමනාව , ආබාධිත දීමනාව ලබා දෙන්නේ සමාජයේ අඩු ආදායම් ලාභීන් සඳහායි. වසංගත කාල සීමාවේ ඔවුන්ගේ ආදායම් තවදුරටත් පහත වැටි ඇත. එවැනි තත්ත්වයකදී මෙම දීමනාව ඔවුන් වෙත අනිවාර්යයෙන් හිමිවිය යුතු වේ. නමුත් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මෙම දීමනාව ලබාදෙන ප්‍රමාණය හැකිතරම් කප්පාදු කිරීම බව පැහැදිලි වේ. මීට පෙර අවස්ථාවලදී වසංගතය නිසා ආදායම් අහිමිවූ ජනතාවට රු 5000ක මුදලක් ලබාදෙන ලදී. දැන් එය රුපියල් 2000 දක්වා අඩු කර තිබේ. එසේ තිබියදී පවා අඩු ආදායම් ලාභී සියලු ජනතාවට මෙම දීමනාව ලබාදීමේ වුවමනාවක් ආණ්ඩුවට නැත.

leave a reply