රු. 2000 දීමනාව ලබාදෙන පිරිස තවදුරටත් කප්පාදු කරයි

පවත්නා ඇඳිරිනීති තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග අහිමිවූ අඩු ආදායම් ලාභී පවුල් වලට රුපියල් 2000ක මුදල් ලබා දීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි කිසිදු ආකාරයේ රජයේ දීමනාවන් ලබන පවුල් මේ සඳහා සුදුසුකම් නොලබයි. ඒ අනුව සමෘද්ධි ලාභීන්, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, වැඩිහිටි දීමනාව ලබාගන්නා පිරිස්, ආබාධිත පිරිස් ඒ සඳහා සුදුසුකම් නොලබන බව සඳහන් වේ.

එම දීමනාව ප්‍රතිලාභියා ලාබාගත් බවට සහතිකයක් ලබා ගන්නා ලෙසද නිලධාරීන්ට දැණුම් දී තිබෙනවා.

රජයේ විශේෂ දීමනා ලැබෙන සමෘද්ධි දීමනාව , වැඩහිටි දීමනාව , ආබාධිත දීමනාව ලබා දෙන්නේ සමාජයේ අඩු ආදායම් ලාභීන් සඳහායි. වසංගත කාල සීමාවේ ඔවුන්ගේ ආදායම් තවදුරටත් පහත වැටි ඇත. එවැනි තත්ත්වයකදී මෙම දීමනාව ඔවුන් වෙත අනිවාර්යයෙන් හිමිවිය යුතු වේ. නමුත් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මෙම දීමනාව ලබාදෙන ප්‍රමාණය හැකිතරම් කප්පාදු කිරීම බව පැහැදිලි වේ. මීට පෙර අවස්ථාවලදී වසංගතය නිසා ආදායම් අහිමිවූ ජනතාවට රු 5000ක මුදලක් ලබාදෙන ලදී. දැන් එය රුපියල් 2000 දක්වා අඩු කර තිබේ. එසේ තිබියදී පවා අඩු ආදායම් ලාභී සියලු ජනතාවට මෙම දීමනාව ලබාදීමේ වුවමනාවක් ආණ්ඩුවට නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...