ජනතාවට කැප කරන්න දෙයක් නැහැ, සමාගම්වල අසාධාරණ ලාභෙට බද්දක් ගහන්න – දුමින්ද නාගමුව

ආණ්ඩුව කළ යුත්තේ රජයේ සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කිරීම හෝ ජනතාවට කැප කිරීම් කරන ලෙස කීම නොව සමාගම් රැස් කරගෙන සිටින අසාධාරණ ලාභයට බද්දක්බ ගැසීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද(21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඔහු පැවසුවේ පෞද්ගලික සමාගම් වසංගතය තුළ අසීමිත ලාභයක් ලබමින් සිටින බවයි.

“ආර්ථිකේ වැටිලා කියලා කියනවා. පුද්ගලික අංශය වැටිලා කියනවා. අපි පැහැදිලිව කියනවා මේක පට්ටපල් බොරුවක්. 2020 තමයි ලෝක ඉතිහාසයේ ඩොලර් බිලියනයක් තියෙන බිලියනපතියන් වැඩිම ප්‍රමාණයක් බිහිවෙච්ච අවුරුද්ද. 2020 අවුරුද්දේ බිලියනපතියෝ 500ක් බිහිවුණා. කොවිඩ් කියන්නෙ සමහර ව්‍යාපාරිකයන්ට ආදායම් මාර්ගයක්. LOLC සමාගම ලංකා ඉතිහාසයේ සමාගමක් ලබපු වැඩිම ලාභය වන බිලියන 57ක ශුද්ධ ලාභයක් ලබනවා. හේලීස් සමාගම වාර්තා කර තියෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාරික ඉතිහාසයේ වැඩිම ලාභය ලෙස බිලියන 19ක් ලැබුවා කියලා ගිය අවුරුද්දේ. මුදිත්තා කියන සමූහ ව්‍යාපාරයේ ලාභය 2019 වගේ දස ගුණයකින් 2020 වසරේ වැඩිවෙලා. expo ලංකා ඒගොල්ලන්ගේ ලාභය හත් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. හේමාස් සමූහ ව්‍යාපාරයේ ලාභය දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. පුද්ගලික අංශය වැටිලා. අපිට්ට බදු ගහන්න බැහැ. බදු ගෙවාගන්න ඒ සමාගම්වලට ක්‍රමයක් නැහැ කියන එක පට්ටපල් බොරුවක්. අපි කියනවා මේ ලාභෙට දැන් බද්දක් ගහන්න. රජයේ සේවකයා ලඟට ඇවිත් වැටුපෙන් කපන්න හදන්න එපා. ”

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...