කොතලාවල පනතට විරුද්ධ වූ නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ්

කොතලාවල පනතට විරෝධය දැක්වීම නිසා අත්අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසු – කම්කරු ක්‍රියාකාරීන් පස් දෙනා අගෝස්තු 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අගෝස්තු 03 කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වීම ⁣හේතුවෙන් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජ’පුර ම.ශි.ස සභාපති අමිල සන්දීප, රජරට සරසවියේ හේෂාන් හර්ෂණ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය සහ කම්කරු ක්‍රියාකාරීන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව කැඳවූ අවස්ථාවේ ඔවුන් පස්දෙනා අගෝස්තු 31 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

කාඩ්⁣බෝඩ්වලින් සැකසූ මිනී පෙට්ටියක් පිළිස්සීම නිසා පොදු දේපල (පාර) හානි වූ බවත්, හදිසි අනතුරකට භාජනය වී පොලිස් නිලධාරියෙකු තුවාල වීමත්, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමත් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවන් වේ.

කොතලාවල පනතට එරෙහි ශිෂ්‍ය සංවිධාන සහ විවිධ බහුජන සංවිධාන චෝදනා කරන්නේ ඔවුන් අත්තඩංගුවට පත්වන සැබෑ හේතුව කොතලාවල පනතට විරුද්ධ වීම විනා අන් යමක් නොවන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...