ගෑස් ප්‍රශ්නයත් ජනතාවගේ කරට – ලාෆ් ගෑස් මිල රු. 363න් ඉහළට

ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුයේ, ලාෆ්ස් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම ලබාදුන් බවයි.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල කිසිඳු ලෙසකින් ඉහළ නොදමන බවට ද ඔහු ඔහු පවසයි.

ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසා තිබේ.

ලාෆ් සමාගම පාඩුවට යෑම නිසා බැංකුවලින් ණයකර නිකුත් කිරීම අත්හිටුවා තිබීම නිසා එය සක්‍රීය කිරීමට කාලයක් ගතවීම මෙයට හේතුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...