ගෑස් ප්‍රශ්නයත් ජනතාවගේ කරට – ලාෆ් ගෑස් මිල රු. 363න් ඉහළට

ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1493 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,856 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුයේ, ලාෆ්ස් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම ලබාදුන් බවයි.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ ද ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල කිසිඳු ලෙසකින් ඉහළ නොදමන බවට ද ඔහු ඔහු පවසයි.

ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසා තිබේ.

ලාෆ් සමාගම පාඩුවට යෑම නිසා බැංකුවලින් ණයකර නිකුත් කිරීම අත්හිටුවා තිබීම නිසා එය සක්‍රීය කිරීමට කාලයක් ගතවීම මෙයට හේතුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...