ලංකාවේ වැඩිහිටියෙකුගේ වැටුපෙන් 66%ක් වියදම් වෙන්නේ ආහාරවලට

ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපින් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කරයි.

මෙම දත්ත පද්ධතිය පසුගිය ජූලි මාසයේදී කැනඩාවේ නම්බියෝ නුවරදී ප්‍රසිද්ධියට පත්කරන ලද අතර ඒ මත පදනම්ව එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනය(Institute of Development Studies) විසින් නිකුත් කළ වාර්තාවකින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකුට ආහාර සඳහා මාසික නිර්දේශිත අවම වියදම ඇමරිකානු ඩොලර් 161.23 ක් වූ අතර, ශ්‍රී ලංකාවේ වැඩිහිටියකුගේ ‘සාමාන්‍ය මාසික’ වැටුප එක්සත් ජනපද ඩොලර් 245.81 ක් ලෙස සලකා ඇත. එහි ප්‍රතිශතය සියයට හැට හයකි.

මීට වෙනස්ව අසල්වැසි ඉන්දියාවේ, මූලික ආහාර සඳහා නිර්දේශිත අවම මාසික වියදම මාසික වැටුපෙන් සියයට විසි හතක් පමණි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ සහ අවිධිමත් අංශයේ සේවකයන්ගේ සැබෑ වැටුප කප්පාදුවීම සහ පසුගිය මාස කිහිපය තුළදී රටේ ආහාර උද්ධමනය (මිල ඉහළ යෑම) මෙම තත්ත්වයට හේතුවී ඇත.

එසේම මෙම වාර්තාව විසින් ශ්‍රී ලංකාව ආහාර දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස් වැනි ස්ථානයට සටහන් කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත්තේ රටවල් 107 ක වැඩිහිටියකුට ආහාර සඳහා මාසිකව නිර්දේශ කරන අවම වියදම් සහ මාසික සාමාන්‍ය වැටුප සමග සංසන්දනය කරමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...