කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද පොහොර සඟවන සමාගම් දන ගස්වන්නට සූදානමින්

Date:

කෘෂිකර්ම ඇමති  මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී වේගවත් කතාවක්  කළා. එහිදී ඔහු පොහොර සඟවාගෙන සිටීම පිළිබඳව හෙළිදරව්වක් කරනු ලැබුවා. ඔහුගේ හෙළිදරව්වට අනුව  පොහොර මෙට්‍රික් ටොන් 102 000ක්  සමාගම් සතුව  තිබෙන අතර එම පොහොර සඟවාගෙන සිටින්නේ කවුද යන්නත් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරනු ලැබුවා. ඒ අනුව සී .අයි .සි   සමාගම මෙට්ට්‍රික් ටොන් 21,000 ක් ද, බවර් සමාගම මෙට්‍රික් ටොන් 8000 ද, හේලීස් සමාගම මෙට්‍රික් ටොන් 28 000 ක් මෙතෙක් කල්  සඟවා තබාගෙන සිටිනවා.  ඊයේ මෙම සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දීල තියෙන්නෙ සතියක් ඇතුළත මෙම පොහොර  වෙළඳපලට ඉදිරිපත් කරන ලෙසයි.

 මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව තුළ  ඉදිරි සතිය තුළ පොහොර වෙළඳපොළට නිකුත් නොකළොත්  පොහොර සඟවාගෙන සිටින සමාගම් දනගස්වන බවට ඉඟි කරමින් කතා කරන අතරතුර  අද දවල්  වැලිමඩ  අල ගොවියන් උද්ඝෝෂණය පවත්වනු ලැබූවා . එහිදී  අල ගොවියකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම කියලා පටන් අරගෙන ගොවිතැනත් ගොවි පවුල්  අනාථ කරමින්  රට සාගතයට අරගෙන යන බවයි.  ඊට අමතරව වීදුරු කාමරවල  ඉඳන් කයිය ගහන මහින්දානන්ද අලුත්ගමගේට පුලුවන්නං ඇවිත් කුඹුරට බැහැලා යථාර්ථය දැක ගන්නට කියලා ඔහු අභියෝග කරනවා.

ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රිවරුන්ට ඇමැති වරුන්ට අනුව පොහොර හිගය ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නොව ආණ්ඩුව  අපහසුතාවයට පත්කරන්නට පොහොර සමාගම් සහ සමහර දේශපාලන පක්ෂ ගෙනයන කූඨ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. මේ බව මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේ දී ද ව්‍යංගයෙන් දේශපාලන පක්ෂයකට තරවටු විවේචනයක් එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ පොහොර අර්බුදය හමුවේ ගොවි ජනතාව අපහසුතාවයට පත් වී සිටිනවා වගේම ගොවි ජනතාවගේ විරෝධය ආණ්ඩුවට එරෙහිව මහපාරට ගමන් කරමින් තිබෙනවා. එපමණක්ද නොව දිනෙන් දින ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය ඉදිරිපත් වන අතර  එය දරා ගැනීමට නොහැකි තැනකට ගමන් කර තිබීම නිසාම ආණ්ඩුව විවිධ උපක්‍රම යොදමින්  ජනතා උද්ඝෝෂණය මර්දනය කිරීමට සැලසුම් නිර්මාණය කරනවා.

Share post:

Popular

More like this
Related

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...