Breaking News

ෆයිසර් එන්නත ගෙන්වීම ගැන ජනාධිපති පලකළ බොරුව අතේ මාට්ටු වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (05) දින ට්විටර් පණිවිඩයක් තබමින් සටහන් කර තිබුණේ ෆයිසර් එන්නත ලබා ගන්නා ‘පළමු දකුණු ආසියානු රට’ බවට ලංකාව පත්ව ඇති බවයි.

කෙසේ නමුත් මේ ප්‍රකාශය අසත්‍ය බව UNICEF Maldives උපුටා දක්වමින් මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂගේ පළමු ට්වීටර් පණිවිඩයේ දැක්වුණේ,

“සුබ ආරංචියක් වන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ෆයිසර් එන්නත් ලබා ගන්නා පළමු රට බවට පත්වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා එන්නත් ලබා දීම සහතික කිරීම සඳහා මගේ රජය විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මම ආඩම්බර වෙමි. එන්නත්කරණය රට පුරා සිදු වේ”

නමුත්, යුනිසෙෆ් සංවිධානය විසින් 2021 මාර්තු 25 වැනිදා සිය නිල ට්විටර් ගිණුමේ ඡායාරූපද සහිතව (2) මෙසේ සදහන් කර ඇත.

UNICEF Maldives▪️“තවත් එන්නත් පැමිණ ඇත! COVID19 එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා COVAX පහසුකම මගින් එවන ලද ෆයිසර් එන්නත් මාත්‍රා 5,850 ක් මාලදිවයිනට ලැබී තිබේ. එන්නත සඳහා මහජන සන්නිවේදනය, සැපයුම්, සැපයුම් සහ සීතල දාම කළමනාකරණය සඳහා යුනිසෙෆ් සංවිධානය මාලදිවයිනේ රජයට සහාය වේ.”

මේ අනුව ලංකාවේ ජනාධිපතිවරයා පවසන පරිදි ෆයිසර් එන්නත ලබා ගත් ‘පළමු දකුණු ආසියානු රට’ වන්නේ ලංකාව නොවන අතර මීට පෙර අවම වශයෙන් මාලදිවයිනවත් ලංකාවට පෙර එම එන්නත ලබා ගෙන ඇති බවට හෙළිවිය.

කෙසේ නමුත් එම අසත්‍ය තොරතුරු සහිත ට්විටර් පණිවිඩය මේ වන විට ජනපතිවරයාගේ ට්විටර් ගිණුමෙන් මකා දැමීමට කටයුතු කර තිබේ.

එම ට්විටර් පණිවිඩයම acquire යන ඉංග්‍රීසි වචනය වෙනුවට purchase යන වචනය යොදා මදක් වෙනස් කර නැවත වරක් ජනපතිගේ ට්විටර් ගිණුමේ පළකර ඇත.

leave a reply