වසර 2ක් තිස්සේ ස්ථිර නොකළ ආදේශක සේවකයන් ස්ථිර කරනු! රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල උද්ඝෝෂණයක

දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම් , ආදේශක රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් අද දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරිපිට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් උද්ඝෝෂණ පවත්වා තිබේ.

එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මූලික ඉල්ලීම් 10ක් සම්බන්ධයෙන් මාස 9 ක් පමණ අඛණ්ඩව අරගලයක නිරතවී සිටියද ආණ්ඩුව සූක්ෂම ලෙස ඒ අතරින් එක ඉල්ලීමක් පමණක් ලබාදීමට පොරොන්දු වී ඇති බවයි. එම හිමියන් පැවසුවේ ආණ්ඩුව තවදුරටත් තම ඉල්ලීම් ලබා නොදුනහොත් තවදුරටත් ඉදිරි සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවයි.

රෝහල් කනිෂ්ට කාර්ය මණ්ඩල ඉල්ලීම් වන්නේ,
දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම.
සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබා ගැනීම.
ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම සහ සේවක හිගය පියවා ගැනීම.
සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබා ගැනීම.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...