බැසිල් රාජපක්ෂ හිටියනම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙ නැහැ – නිමල් ලංසා

කොවිඩ් වසංගතයත් සමග ජනතාව ඉතාමත් අසීරුතාවයකට පත්ව තිබියදී තෙල් මිලත් ඉහළ දැමීම තමන් අනුමත නොකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම මෙරට සමස්ත භාණ්ඩ හා සේවා වල මිල තීරණය කිරීමටත් සාධකයක් වන බැවින් මෙම අවස්ථාව ඉන්ධන මිල සංශෝධනයකට සුදුසු නොවන බවයි.

බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස් වන ලෙසට පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බවට පළවන මතට ප්‍රතික්ෂේප කරන බවත් බැසිල් රාජපක්ෂ මෙරට සිටියේ නම් මෙම මිල සංශෝධනයට ඉඩ නොදෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

“බැසිල් රාජපක්ෂ මහත්තයට ඕනෙ නම් එතුමා ජනාධිපතිතුමාට කතා කරයි. කාරියවසම් මහත්තයා පිට කරන්න ඇත්තේ පක්ෂයේ පහළ මිනිස්සුන්ගෙන් එන පීඩනය.” යැයි නිමල් ලංසා පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...